IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ධවල මන්දිරය ඉදිරිපිට වෙඩිතැබීමක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති මන්දිරය වන ධවල මන්දිරය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් ආරක්ෂක නිලධාරීහු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන ගියහ.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවක් පවත්වමින් සිටින අවස්ථාවකදී ධවල මන්දිරය ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ. මාධ්‍ය හමු පැවැත්වීම සඳහා ධවල මන්දිරයේ වෙනම ස්ථානයක් ඇත. වෙඩි තැබීම වූ සැණින් ඇමෙරිකා එක්සත් ජනපදයේ රහස්‍ය ආරක්ෂක සේවයේ නිලධාරීන් ක්‍රියාත්මක වී ජනාධිපතිවරයා ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන ගොස් ඇත.

එම සිදුවීමෙන් මිනිත්තු කිහිපයකට පසු ඇමෙරිකානු ජනාධිපතිවරයා නැවත මාධ්‍ය හමු පැවැත්වෙන ස්ථානයට පැමිණියේය. ආරක්ෂක අංශ කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇති බවත් සැකකාර පුද්ගලයා ආයුධ සන්නද්ධව සිට ඇති බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කීය.

“ධවල මන්දිරය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුවෙලා. ආරක්ෂක අංශ එය පාලනය කරලා. ඇත්තටම වෙඩි තැබීමක් සිදුවෙලා. එක් පුද්ගලයෙක් රෝහල් ගත කරලා. ඔහුගේ තත්ත්වය ගැන හරියටම කියන්න මම දන්නේ නැහැ” යැයි ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ කීය.

ධවල මන්දිරය පිහිටි භූමියේ කෙළවර පිහිටි වැට ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා කීවේය.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ (10) දිනයේදීය. මෙම සිදුවීමේදී කිසිවකුත් ධවල මන්දිරයට ඇතුළු වී නැතැයි ද රහස්‍ය ආරක්ෂක සේවයේ (සීක්‍රට් සර්විස්) ආරක්ෂාව යටතේ සිටින කිසිවකුටත් සිදුවීමෙන් අනතුරක් නැතැයි ද එම සේවය පසුව සඳහන් කළේය.

(රොයිටර්)

055

 



අදහස් (0)

ධවල මන්දිරය ඉදිරිපිට වෙඩිතැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 34 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site