IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ධවල මන්දිරයට වෙඩි තියලා

ඇමෙරිකාවේ ධවල මන්දිරයට වෙඩි තබා පලා ගිය 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු එෆ්.බී.අයි. පරීක්ෂකවරු පෙරේදා (16) සමත්වූහ. ඔස්කාර්  ඕටේගා හර්නෑන්ඬේස් නමැති එම තරුණයා ධවල මන්දිරයට වෙඩි තබා ඇත්තේ ඉකුත් 11 වැනිදාය. ධවල මන්දිරය අසල මාර්ගයේ සිට ඔහු වෙඩි ප‍්‍රහාර දෙකක් එල්ල කොට ඇත. එය ජනාධිපති ඔබාමා ඝාතනය කිරීමේ අරමුණින් කළ වෙඩි තැබීමක් විය හැකි යැයි ධවල මන්දිරයේ ආරක්ෂක නිලධාරීහු පවසති. එහෙත් එම අවස්ථාවේදී ජනපති ඔබාමා හෝ ජනපති ආර්යාව මිෂෙල් ඔබාමා හෝ ධවල මන්දිරයේ නොසිටියහ. ඔවුහු එම අවස්ථාවේ සිටියේ හවායි දූපතේ ඇපෙක් සමුළුවට සහභාගී වෙමිනි. හර්නෑන්ඬේස් තැබූ එක වෙඩි උණ්ඩයක් ධවල මන්දිරයේ දෙවැනි මහලේ වෙඩි නොවදින වීදුරුවට වැදී ඇති බව ජනපති ආරක්ෂක අංශය හෙළි කරයි. වෙඩි තැබීමෙන් පසු හර්නෑන්ඬේස් පලා ගොස් ඇති අතර එෆ්.බී.අයි. පරීක්ෂකවරුන්ගේ සාර්ථක පරීක්ෂණයකින් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ පෙරේදාය. හර්නෑන්ඬේස්, පෙන්සිල්වේනියා ජනපදයේ පදිංචිකරුවකු බවත් ඔහු මානසික ව්‍යාධියකින් පෙළෙන තැනැත්තකු බවත් එෆ්.බී.අයි. පරීක්ෂකවරු වැඩිදුරටත් කියා සිටිති. එෆ්.බී.අයි පරීක්ෂකවරුන් ඔහු අත්අඩංගුවට ගත්තේය. පෙන්සිල්වේනියා ජනපදයේ හෝටලයක ලැගුම් ගෙන සිටියදීය.



අදහස් (0)

ධවල මන්දිරයට වෙඩි තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site