විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑම ආරම්භ කිරීමත් සමඟ, ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා පිවිසුම අල්ලා ගැනීමට තලේබාන් ත්‍රස්තයන් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තම සාමාජිකයන්, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය සම්බන්ධ වන 'ස්පින් බෝල්ඩක්' දේශසීමා පිවිසුම අත්පත් කරගත් බව මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තලේබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහිදීන්ය.
කෙසේ නමුත් ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, 'ස්පින් බෝල්ඩක්' දේශසීමා පිවිසුම තවමත් ඇෆ්ගන් රජයේ හමුදා ග්‍රහණයේ පවතින බවය.
තලේබාන් ත්‍රස්තවාදීන් දේශසීමා පිවිසුම අත්පත් කර ගැනීමට ප්‍රහාරයක් එල්ල කළ නමුත්, එය ව්‍යර්ථ කිරීමට ඇෆ්ගන් හමුදාව සමත් වූ බව අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd