ඇමෙරිකා එක්සත් ජනපද හා මෙක්සිකෝ දේශසීමාව අතරේ ඉදි කෙරෙන තාප්පයේ තමන් වියදම නොදරන බව මෙක්සිකෝ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
මෙක්සිකෝවත් ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර තාප්පයක් ඉදි කරන බවත් එහි වියදම මෙක්සිකෝව විසින් දැරිය යුතු බවත් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ජනාධිපතිවරණය සමයේදී පැවැසීය. එම ප්‍රකාශ ක්‍රියාවට නංවමින් මෙක්සිකෝව හා ඇමෙරිකාව අතර තාප්පයක් ඉදිකිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් මහතා බදාදා (25) විධායක නියෝගයකට අත්සන් තැබීය.
“මෙක්සිකෝව තාප්ප කෙරෙහි විශ්වාසය තබන්නේ නැහැ” යැයි ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මහතාගේ ක්‍රියාවට විරෝධය පළ කරමින් මෙක්සිකෝ ජනාධිපති එන්රික් පෙනො නීටෝ මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ලබනා 31 වැනිදා ඇමෙරිකාවේ සංචාරයක නිරත වන්නේ ද නැද්ද පිළිබඳව මෙක්සිකෝ ජනාධිපතිවරයා කිසිවක් නොකීය. මෙක්සිකෝ ජනාධිපති එන්රික් පෙනො නීටෝ මහතා එහිදි ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවීමට නියමිතව තිබිණි.
“මම සැරෙන සැරේ කියලා තියෙනවා: මෙක්සිකෝව කිසිදු තාප්පයකට මුදල් ගෙවන්නේ නැහැ” යැයි රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පෙනො නීටෝ මහතා ප්‍රකාශ කළේය. “අප එකමුතු කිරීම වෙනුවට වසර ගණනාවක් සඳහා තාප්පයක් ඉදි කිරීමට සූදානම් වෙලා. ඇමෙරිකා එක්සත් ජනපදයේ එම තීරණය ගැන මම කනගාටු වෙනවා. ඒ වගේම ඊට මගේ විරෝධය පළ කරනවා” යැයි මෙක්සිකෝ ජනාධිපතිවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජින්ද්‍ර හරි. දැනටමත් නිෂ්පාදන වලට අයකරන බදු තීරණය කරලා අවසානයි. සමහර මෝටර් රථ කර්මාන්තශාලා නැවත ඇමෙරිකාවට ගෙනෙන්න විධායක නිලධාරීන් එකඟවෙලා ඉවරයි. (නි)
මෙතන තිබෙන්නේ ඇමරිකානුවන් මෙක්සිකෝවට යෑමක් නොවෙයි. මෙක්සිකනුවන් හොරෙන් ඇමරිකාවට පැමිණීමයි. එමනිසා දේශසීමා තාප්පයේ වියදම මෙක්සිකෝවෙන් දරන්න උවමනා නැත. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා. මෙක්සිකෝවට ඍජුව මේකට ගෙවන්න වෙන්නේ නැහැ තමයි. ඒත් ඇමෙරිකාව විසින් වක්‍රව ඒ මුදල මෙක්සිකානුවන්ගෙන් අයකර ගනීවි. වීසා ගාස්තු ඉහල දමලා, වෙනත් බදු සහන කපා දමලා, දඩ මුදල් වැඩි කරලා අඩු ගානේ ඔය තාප්පෙට යන වියදමින් 50%ක්වත් ඇමෙරිකාව ආයේ ගනීවි. (නි)