මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී දශක දෙකකට පසුව ඇමෙරිකා සංචාරයක් සඳහා ඊයේ(16) පිටත් වූ බව එරට රජය පවසයි. මේ වසර මුලදී මියන්මාරයේ පැවැති අතුරු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ සූ කී ඇමෙරිකාවට පැමිණි පසු මියන්මාරයේ නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනපති බැරැක් ඔබාමා සමඟ සාකච්ඡුා කිරීමට නියමිතය. මේ අතර ඇමෙරිකා කොංග‍්‍රසය ඇයට සම්මාන කිහිපයක් පිරිනැමීමට ද සූදානමින් සිටී. සූ කී ඇමෙරිකාවට පැමිණීමෙන් පසු නිව්යෝර්ක් සහ සැන් ෆ‍්‍රැන්සිස්කෝ නගරවල වෙසෙන මියන්මාර වැසියන් හමුවීමට ද සූදානමින් සිටින බව වාර්තා වේ. දශක ගණනාවක් තිස්සේ හමුදා පාලනයට නතුව තිබූ මියන්මාරය මේ වන විට අත්පත් කර ගෙන සිටින ප‍්‍රගතිය පිළිබඳව මෙම සංචාරයේදී අදහස් දැක්වීමට සූ කී සූදානමින් සිටින බව මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය. මියන්මාර ජනපති තේන් සේන් ද මේ මස අගදී ඇමෙරිකාවේ සංචාරය කිරීමට නියමිත අතර සූ කීගේ මේ සංචාරය පිළිබඳව ඔහුගේ දැඩි අවධානය යොමුව ඇති බව ද වාර්තා වේ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හිටපු කෙනෙක්ද (දී)