IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දවස් 30 කින් ඉල්ලා අස්වෙනවා: යේමන ජනපතිගෙන් පොරොන්දුවක්

වසර 33 ක තම පාලනය අවසන් කරමින් දින 30 ඇතුළතදී ධුරයෙන් ඉල්ලා අස්වන බව යේමන ජනාධිපති අලී අබ්දුල්ලා සාලේ පවසයි. ජනාධිපති සාලේ එම තීරණයට එළැඹුණේ පෙරේදා (23)  ගල්ෆ් රටවල නායකයන්ගෙන් සමන්විත ‘ගල්ෆ් සහයෝගීතා මණ්ඩලය’ සමඟ සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණීමෙන් අනතුරුවය. එම සාකච්ඡා පැවැත්වූයේ සෞදි අරාබියේ රියාද් නුවර සෞදි රජ මාලිගාවේදීය. ඒ, සෞදි රජු අබ්දුල්ලාගේ අනුග‍්‍රහයෙනි. ජනාධිපති සාලේ ඔහුගේ දෙවැනියා වන අබ්ද් රාබූ මන්සූර් හාඞී ට බලය පවරා දී ඉවත් වීමට එහිදී එකඟ වූයේය. කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවටත් නව ජනපතිවරයකු පත් කර ගන්නා තෙක් බලතල කිසිවක් පාවිච්චි නොකොට ධුරයේ රැඳී සිටීමටත් ජනාධිපති සාලේ එකඟ වූයේය. යේමනයට නව සන්ධාන රජයක් පිහිටුවීමට තමාගේ පූර්ණ සහාය ලබා දෙන බව ද සාලේ වැඩි දුරටත් පවසා ඇත. එල්ල වී ඇති සියලූ වැරදිවලින් සාලෙ නිදොස් කිරීමටත් ඔහුට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු නොකිරීමටත් නව පාලන තත්ත‍්‍රය ඒකඟවී ඇත. යේමනයේ විරෝධතා හට ගත්තේ ද ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ විරෝධතා රැල්ල ආරම්භ වූ අවස්ථාවේදීය. මාස 10 ක් තිස්සේ යේමන විපක්ෂ කණ්ඩායම් සහ ගෝති‍්‍රක කණ්ඩායම් එක්වී රට පුරා දැවැන්ත විරෝධතා පැවැත්වූ අතර ජනාධිපති සාලේ එම විරෝධතා මර්දනය කළේ පොලිස් සහ හමුදා බලය යොදවමින්ය. එහිදී විරෝධතාකරුවෝ යේමනයේ ආයුධ සන්නද්ධ ගෝති‍්‍රක සටන්කාමීන්ගේ සහය ලබා ගත්හ. දෙපිරිස අතර අවස්ථා ගණනාවකදී දරුණු ගැටුම් හටගත් අතර දේශපාලන විචාරකයන් පැවැසුවේ යේමනයේ සිවිල් යුද්ධයක් හටගෙන ඇති බවය. එක් අවස්ථාවකදී ගෝති‍්‍රක සටන්කාමීන් එල්ල කළ රොකට් ප‍්‍රහාරයකින් ජනාධිපති සාලේ තුවාල ලැබුවේය. යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන් මර්දනය කිරීමට ඇමෙරිකාවට ජනාධිපති සාලේ ප‍්‍රමුඛ යේමන රජයේ සහාය නොඅඩුව ලැබුණි. යේමන අල් කයිඩාවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ඇමෙරිකා හමුදා අතින් ඝාතනය වීමත් සමඟ යේමන අල් කයිඩා සංවිධානය දුර්වල විය. එම අවස්ථාවේ ඇමෙරිකා රජය ජනාධිපති සාලේ ට කියා සිටියේ විරෝධතාකරුවන්ගේ ඉල්ලීමට ඉඩ දී ධුරයෙන් වහා ඉවත් ව යන ලෙසය. ලිබියාව හෝ සිරියාව හෝ මෙන් නොව යේමනය ඇමෙරිකා හිතවාදියකු වීම නිසා ජනාධිපති සාලේට ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට අත්වූ ඉරණමට මුහුණ දීමට සිදු නොවූ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ජනපති සාලෙ (දකුණේ) සෞදි රජු හමු වෙමින්...  



අදහස් (0)

දවස් 30 කින් ඉල්ලා අස්වෙනවා: යේමන ජනපතිගෙන් පොරොන්දුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site