IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


දෙවියන්ගෙන් දැරියට ලියුමක්

ඇමරිකාවේ ජොන්සන් නගරයේ 12 හැවිරිදි ටේලර් ස්කොට් ස්මිත් දැරිය නියුමෝනියාව වැළදී මිය ගියාය.

දැරියගේ මරණයෙන් ඉතා විස්සොපයෙන් කල් ගෙවන මව්පියන් දිනක් ඇයගේ කාමරය අස් කිරීමට පටන් ගත්හ.

ලිවීමට දස්කම් දැක්වූ ටේලර්, අනෙක් මිනිසුන්ට ධෛර්යමත් වීමට ලියූ ලිපි, කවි, සඟරා, රචනා ආදිය පිරීතිබූ පෙට්ටි ගණනාවක් ඇගේ කාමරයෙහි විය. ඒ සියල්ල අතුරෙන් ‘ටේලර් ස්මිත් විසින් 2023 අපේ‍්‍රල් 13 දින විවර කරන්න’ යනුවෙන් සඳහන් කළ අලවා තිබූ ලියුම් කවරයක තිබී ලිපියක් හමු විය. 2023 වන විට ඇයට අවුරුදු 22කි.

එය විවර කර කියවීමේදී මව්පියන්ගේ තවත් හදවත කඩා වැටෙන්නට විය. ඒ ඉක්මනින් තමා මෙලොව හැර යන බව දැන ටේලර් විසින් ඇයටම ලියා ගත් ලිපියකි. ආගමට ලැදි දැරියක් වන ටේලර් දෙවියන් කෙරෙහි තැබූ විශ්වාසයත්, ඇගේ බලාපොරොත්තුත් එහි සටහන්ව තිබිණි. පිටු දෙකක් පිරෙන්න ලියා තිබූ ලිපිය ආරම්භ කර තිබුණේ මෙසේය.

”දයාබර ටේලර්, ජීවිතය කොහොමද? අවුරුදු 10ක ඔබේ අතීතය ඉතා සරලයි. ලස්සනයි. ඔබ ලබා ගත් උසස් පෙළ උපාධියට සුභ පැතුම්. මම දන්නවා මම ප‍්‍රමාදයි. මෙම උපාධිය නොලැබුණාට මට දැනටමත් මගේම ස්ථානයක් ලැබී තියෙනවා. අපිට එකම පාසලක ඉන්න තිබුණා නම් මම අනිවාර්යෙන් නීතිඥයෙක් වෙනවා.”

එසේම ඇය ලිපිය අවසන් කර තිබුණේ ”මතක තියා ගන්න මම මෙය ලියා දැන් වසර 10ක් වෙනවා. හොඳ හෝ නරක දෙයක් වීමට පුළුවන්. ඒ ජීවිතයේ හැටි සහ ඔබ එය භාර ගත යුතුයි” යනුවෙන් සටහන් කර තිබුණි.

මෙම ලිපිය මව්පියන්ටත්, ඇගේ වැඩිමහල් සහෝදරයාටත් ඇගේ මතක සටහනක් ලෙස සුරක්ෂිතව තබා ගන්නා බව සඳහන් කළේය. ‘ටේලර් අනුස්මරණ අරමුදල’ නමින් ගිණුමක් විවෘත කර ඇති අතර එහි මදල් දේවස්ථානයකට පිදීමට ඔවුහු සැරසෙති.

 



අදහස් (0)

දෙවියන්ගෙන් දැරියට ලියුමක්

කිත්සිරි ජයසුන්දර Saturday, 18 January 2014 12:33 PM

මම ඔබට නිවන් සුව පතනවා සුන්දර දියණිය (අ)

:       0       0

හේමාල් වෙරෝනා Saturday, 18 January 2014 02:26 PM

හොද මිනිසුන්ව ඉක්මනට දෙවියන් වහන්සේ ලගට ගන්නවා.(නදී)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 17 January 2014 04:13 AM

මොකක් හෝ විශ්වාසයක් ඇතිව ජීවත්වීමේ වටිනාකම දැනෙන්නේ මරණය ගැන සිතන විටයි. ඒ මිනිස් ජීවිතයේ එක් මුලික අධියරයක් පමණයි. (දිල්)

:       0       0

සත්‍යා Tuesday, 21 January 2014 03:09 PM

වෙරෝනා හේමාල්! ඔබේ කටේ මසුරන් දාන්න වටිනවා. (දී)

:       0       0

අමිත් Friday, 17 January 2014 08:52 AM

ඹබට නිවන්සුව චූටි නංගියෝ.(නදී)

:       0       0

අසින්ත Friday, 17 January 2014 11:49 AM

පුංචි නංගියේ ඔයාට දෙවියන්ගේ පිහිටයි.(ත)

:       0       0

රනුක පෙරේරා Friday, 17 January 2014 12:12 PM

සුවර්ගයේ සම්පත් භුක්ති විදීමට ඔබට හැකි වේවා. (ත)

:       0       0

මහින්ද ඉතාලිය Saturday, 18 January 2014 02:40 AM

ළමයි ලස්සනයි මල් වගේ. චුටි දුවේ ඔයා ගැන දුකයි. ඔයාට නිවන් සුව! (නදී)

:       0       0

කසුන් Tuesday, 21 January 2014 12:08 PM

චුටි නන්ගට නිවන් සැප ලැබේව කියල ප්‍රාර්ථනා කරනවා ....... හොද අයට මේ ලෝකේ ඉන්න වාසනාවක් නැහැ (දී)

:       0       0

මගලී පොන්සේකා Friday, 17 January 2014 05:26 PM

. මේ ලෝකේ සැප ලබන්න නැති කෙල්ල පව්. (නදී)

:       0       0

මලිනි Thursday, 16 January 2014 05:23 PM

දෙවි පිහිටයි චූටි පැටියෝ. (නදී)

:       0       0

රජින්ද Thursday, 16 January 2014 07:12 PM

දෙවියන් යනු ඔබේ විශ්වාසයයි. ඔබ විශ්වාස කරනතාක් ඔබ තුල දෙවියන් වැඩ සිටිනු ඇත. ඔයාට මෝක්‍ෂ සම්පත්තියම ලැබේවා නංගියේ.(නදී)

:       0       0

සියනි Thursday, 16 January 2014 07:44 PM

සියල්ල අවබෝද කරගත් එම දරුවට නිවන් සැප ලැබේවා. (අ)

:       0       0

අමිල කටුනායක Thursday, 16 January 2014 08:42 PM

දෙවි පිහිටියි කෙලි පැටියාට

:       0       0

පහන් Thursday, 16 January 2014 09:21 PM

නිවුමොනියාවෙන් වැඩිපුරම මියයන්නේ වයසක අයනේ හපොයි දරුවට වෙච්චදේ .(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 177 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 243 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site