සිව් මස් වියැති සිඟිති දරුවා අසනීපයෙන් සිටියදී නිසි වෛද්‍ය ප්‍රතිකාර හා කිරි ආහාර වේල නොදී පහත මාලයට ගොස් හිත මිතුරන් සමග මත්පැන් බොමින් නටමින් සින්දු කියමින් සිටියදී දරුවාගේ මරණය සිදුවෙන්නට ඉඩ සැලසූ මාපිය යුවළකට බ්‍රිතාන්‍ය බ්ලැක්බෙන් අධිකරණය දඩුවම් නියම කිරීම ලබන මස 21 දක්වා කල් තැබීය.
මාපිය යුවළ ඇප මත මුදා හරිනු ලැබූහ.
නඩු විභාගයේදී හෙළි වූ අන්දමට සිඟිත්තා මිය ගියේ නියුමෝනියාවෙනි.
ඔහු සෙම්ප්රතිශ්යාවෙන් පෙළෙද්දී දරුවා බැලීමට ආ සෞඛ්‍ය සේවිකාව දරුවා වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙස නිර්දේශ කළාය.
එය ගණනකට නොගත් මාපිය යුවළ දරුවා තොටිල්ලේ රඳවා කාමරයේ දොරද විවෘත කර පහත මාලයට ගියේ ප්‍රිය සාදයකට සහභාගී වීමටය.
හිත මිතුරන් කීප දෙනෙක් ද ඊට සහභාගී වූහ. හිස් බීර 60, විස්කි බෝතලයක්, සහ වයින් බෝතලයක් පොලීසිය විසින් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරනු ලැබීය.
සාදය පැවැතෙද්දී පියාගේ සොයුරිය උඩු මහලට ගොස් බලද්දි දරුවා අමාරුවෙන් හුස්ම ගනිමින් සිටියේය. ඇය ඒ බව පියාට දැන්වුවාය. එහෙත් මවත් පියාත් එය ගණන් නොගෙන පසුදා දවල් 11 වනතුරුම කා බී ප්‍රීති වූහ.
පසුව ඇවිත් දරුවා බලන විට දරුවා නිසොල්මනේ සිටි නිසා රෝහලට රැගෙන ගිය ද එහිදී දරුවා මියගොස් ඇති බව වෛද්‍යවරු දැන්වූහ.
නඩු විභාගයේදී මුලින් නිවැරදිකරුවන් යැකි යා සිටි මා පිය යුවළ පසුව වරද පිළිගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා උනත් ලංකාවේ ඉපදුන එක හොඳා.(ස)
මාර දෙමව්පියෝ තමා.(ස)
පිළිකුල්සහගතයි. ! (ස)
කාල කන්නි තිරිසන් සතුන්ටත් වඩා අන්ති දෙමාපියො දෙන්නෙක් කියන්න කණගාටුයි මෙහෙම සමාජයක මේව අහන්න දකින්න අපිත් පව් කාරයො වෙලා. මේ අයට උපරිම දඩුවම් දෙන්න ඔන. පුංචි කිරි සප්පයට නිවන් සුව.!(ස)
ලංකාවෙත් සිටිනවා මේ වගේ උදවිය . දරුවන් හදලා නොසලකන කසිප්පු බිබී සුදු පොළවල් වල සිටින , ලමය ඉපදුන ගමන් කුණු ගොඩට වැසිකිළියට දමා යන දෙමව්පියන්. ලෝකේ කොහෙත් දියුණු නොදියුණු මේ අය බොහෝ ඇත (නි)
කාලා රසමුසු භෝජන කර පෙම් පාලා ගිය වැනි බහුරූ කෝලම්... (නි)
මගේ දෙමවුපියෝ හැමදාම උදේ 4ට ඇහැරුනාම, රැ 2වෙනකන් වැඩකර දරුවන් වෙනුවෙන් හැම දුකක්ම දරුවා. අපි කොච්චර වාසනාවන්තද ? අපිත් අපේ දරුවන්ට එහෙම තමයි. (නි)
මගේ දෙමාපියන් මට ලැබීම කොච්චර වාසනාවක්ද? ඇත්තටම ඒ අය අපගේ දෙවිවරු (නි)
මෙයාල දෙන්නටත් දරුනු රෝගයක් බෝකරලා දරුවා මියගිය ආකාරයටම මැරෙන්න ඇරිය යුතුයි . (නි)
දිවිගමනේ ඉම කදුමුදුනේ සිට පිතු සෙනෙහේ කදුලැලි සලනා ,මිහිමඩලේ අදුරුපෙතේ දිය උල්පත අම්මා ,කලාවැවේ නිල්දියවර අපේ අම්මා ( ඒ අපේ අම්මා තාත්තා ) (නි)