දරුවන් 100ක් ඇතුළු සරණාගතයන් 500ක් සමග මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් ගිල්වා ඇතැයි සංක්‍රමණිකයන් සඳහා ජාත්‍යන්තර සංවිධානය පවසයි. මේ බව දැනුම් දී ඇත්තේ දිනකට පසු දිවි බේරාගෙන ඉතාලියේ සිසිලි දූපත වෙත පිහිනා පැමිණි පලස්තීන ජාතිකයන් දෙදෙනෙකි. ගාසා හි පදිංචිකරුවන් වන ඔවුන් දෙදෙනා ඊජිප්තුවේ ඩමිඑටා නම් තොටුපොළෙන් පසුගිය සැප්තැම්බර් 06 දා බෝට්ටුවක නැගී පිටත් වූ බව පවසා ඇත. මේ පිරිසගේ ඉලක්කය වී ඇත්තේ ඉතාලියට ඇතුළුවීමයි. බෝට්ටුවේ පිරිමි 400ක් හා ගැහැනු 100ක් පමණ ගමන්කළ බව ඔවුන් කියා ඇත.
සිරියානු ජාතිකයන්, පලස්තීන ජාතිකයන්, ඊජිප්තු ජාතිකයන් හා සුඩාන ජාතිකයන් මේ පිරිස අතර සිටි බව ද පැවසේ. ඔවුන් කියා ඇත්තේ මධ්‍යධරණී මුහුදේ දී බෝට්ටුව වෙත පැමිණි කොල්ලකරුවන් උල් රිටිවලින් බෝට්ටුවට අනිමින් බෝට්ටුවේ සිටි පිරිස සමග රණ්ඩුවක පැටළුණු බවයි.
‘‘ඔවුන් අපට අපේ බෝට්ටුව අතහැර යන ලෙස බලකළා. එසේ නොවූ විට බෝට්ටුව ගිල්වා දැමුවා. ගිලෙන බෝට්ටුව දෙස ඔවුන් සිනා සෙමින් බලා සිටියා. අපේ කිහිප දෙනෙක් කුඩා යාත්‍රාවලට නැග දිවි බේරාගත්තා “ යැයි ඔවුන් පවසා ඇත.
ඉතාලියට, මෝල්ටාවට හා ග්‍රීසියට මෙයින් 10 දෙනකු දිවි බේරාගෙන පැමිණි බව වාර්තා වී ඇත. මළ සිරුරු තුනක් ද හමුවී තිබේ. දිවිබේරාගත් දෙදෙනා පවසා ඇත්තේ මේ ගමන සඳහා සංක්‍රමණිකයන් ඩොලර් 2000 බැගින් ගාසාහි පිහිටි සංචාරක කාර්යාලයකට ගෙවා ඇති බවයි.
2025 නොවැම්බර් මස 21
141
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
223
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1080
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
දරුවන් සියයක් සමග පන් සියයක් මුහුදේ ගිලෙති
දයා අලහකෝන් Wednesday, 17 September 2014 12:55 PM
ලෝක අපරාධයක් මේකනම්. (අ)
කමල් Wednesday, 17 September 2014 12:56 PM
අනිත් එක ශ්‍රී ලංකාවේදී වද හිංසාවට භාජනය වන බව දක්වමින් සැප රටවල් වලටම දුර ගෙවා ගෙන මුහුදින් යන්නේ ඇයි. ඉන්දියාව, මාල දිවයින, බංගලාදේශය තෝරාගන්න බැරිද ඒ අයට. ලංකාවේ තත්ත්වය විකෘත කරන බොරුව ලෝකයම තේරුම් ගත යුතුයි. නැත්නම් අප තේරුම් කර දිය යුතුයි (අ)
කුසුම් Thursday, 18 September 2014 04:42 PM
කමල්, මේ අය ලංකාවේ නෙමෙයි. ලිපිය හොඳට කියවන්න. (නි)
චමින්ද Thursday, 18 September 2014 06:37 AM
ඇෆ්ගනිස්තානයෙන් බෝට්ටු වලින් ආපු සරණාගත වීසා ලබා ගත් දෙදෙනෙකුව අද ඔස්ට්‍රේලියාවේදී ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගත්තා. ඉතින් කොහොමද මේ සරණාගතයන් යැයි කියාගන්නා අයවලුන්ව විශ්වාස කරන්නේ. (නදී)
චන්දන Thursday, 18 September 2014 12:41 AM
ලංකාව ගැන බොරු කියලා සරණාගත වීසා අරගෙන ඉන්න මම සිටින රටේ මිනිසුන්ගේ වැඩ දැකලාම මට කිසිම සරණාගතයෙක් ගැන අනුකම්පාවක් පහළ වෙන්නේ නැහැ. ඇත්තටම උදවු ලැබිය යුතු අයත් ඉන්නවා. නමුත් බහුතරයක් බෝට්ටුවල නැඟලා ලංකාවෙන් ආ කට්ටිය ගැන නම් කතා කරලා වැඩක් නැහැ. (නි)