දරුවන් 100ක් ඇතුළු සරණාගතයන් 500ක් සමග මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් ගිල්වා ඇතැයි සංක්‍රමණිකයන් සඳහා ජාත්‍යන්තර සංවිධානය පවසයි. මේ බව දැනුම් දී ඇත්තේ දිනකට පසු දිවි බේරාගෙන ඉතාලියේ සිසිලි දූපත වෙත පිහිනා පැමිණි පලස්තීන ජාතිකයන් දෙදෙනෙකි. ගාසා හි පදිංචිකරුවන් වන ඔවුන් දෙදෙනා ඊජිප්තුවේ ඩමිඑටා නම් තොටුපොළෙන් පසුගිය සැප්තැම්බර් 06 දා බෝට්ටුවක නැගී පිටත් වූ බව පවසා ඇත. මේ පිරිසගේ ඉලක්කය වී ඇත්තේ ඉතාලියට ඇතුළුවීමයි. බෝට්ටුවේ පිරිමි 400ක් හා ගැහැනු 100ක් පමණ ගමන්කළ බව ඔවුන් කියා ඇත.
සිරියානු ජාතිකයන්, පලස්තීන ජාතිකයන්, ඊජිප්තු ජාතිකයන් හා සුඩාන ජාතිකයන් මේ පිරිස අතර සිටි බව ද පැවසේ. ඔවුන් කියා ඇත්තේ මධ්‍යධරණී මුහුදේ දී බෝට්ටුව වෙත පැමිණි කොල්ලකරුවන් උල් රිටිවලින් බෝට්ටුවට අනිමින් බෝට්ටුවේ සිටි පිරිස සමග රණ්ඩුවක පැටළුණු බවයි.
‘‘ඔවුන් අපට අපේ බෝට්ටුව අතහැර යන ලෙස බලකළා. එසේ නොවූ විට බෝට්ටුව ගිල්වා දැමුවා. ගිලෙන බෝට්ටුව දෙස ඔවුන් සිනා සෙමින් බලා සිටියා. අපේ කිහිප දෙනෙක් කුඩා යාත්‍රාවලට නැග දිවි බේරාගත්තා “ යැයි ඔවුන් පවසා ඇත.
ඉතාලියට, මෝල්ටාවට හා ග්‍රීසියට මෙයින් 10 දෙනකු දිවි බේරාගෙන පැමිණි බව වාර්තා වී ඇත. මළ සිරුරු තුනක් ද හමුවී තිබේ. දිවිබේරාගත් දෙදෙනා පවසා ඇත්තේ මේ ගමන සඳහා සංක්‍රමණිකයන් ඩොලර් 2000 බැගින් ගාසාහි පිහිටි සංචාරක කාර්යාලයකට ගෙවා ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක අපරාධයක් මේකනම්. (අ)
අනිත් එක ශ්‍රී ලංකාවේදී වද හිංසාවට භාජනය වන බව දක්වමින් සැප රටවල් වලටම දුර ගෙවා ගෙන මුහුදින් යන්නේ ඇයි. ඉන්දියාව, මාල දිවයින, බංගලාදේශය තෝරාගන්න බැරිද ඒ අයට. ලංකාවේ තත්ත්වය විකෘත කරන බොරුව ලෝකයම තේරුම් ගත යුතුයි. නැත්නම් අප තේරුම් කර දිය යුතුයි (අ)
කමල්, මේ අය ලංකාවේ නෙමෙයි. ලිපිය හොඳට කියවන්න. (නි)
ඇෆ්ගනිස්තානයෙන් බෝට්ටු වලින් ආපු සරණාගත වීසා ලබා ගත් දෙදෙනෙකුව අද ඔස්ට්‍රේලියාවේදී ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගත්තා. ඉතින් කොහොමද මේ සරණාගතයන් යැයි කියාගන්නා අයවලුන්ව විශ්වාස කරන්නේ. (නදී)
ලංකාව ගැන බොරු කියලා සරණාගත වීසා අරගෙන ඉන්න මම සිටින රටේ මිනිසුන්ගේ වැඩ දැකලාම මට කිසිම සරණාගතයෙක් ගැන අනුකම්පාවක් පහළ වෙන්නේ නැහැ. ඇත්තටම උදවු ලැබිය යුතු අයත් ඉන්නවා. නමුත් බහුතරයක් බෝට්ටුවල නැඟලා ලංකාවෙන් ආ කට්ටිය ගැන නම් කතා කරලා වැඩක් නැහැ. (නි)