සූර්ය බලයෙන් පමණක් ක්‍රියාකරන ගුවන්යානයකින් ලොව වටා ගිය ගමන සාර්ථක ලෙස අවසන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසරකුත් මාස හතරක් ගතවූ මෙම දීර්ඝ චාරිකාව සූර්ය බලශක්තිය ප්‍රචලිත කිරීම සඳහා සංවිධානය කර තිබුණි.
සෝලා ඉම්පල්ස් ලෙස හඳුන්වනු ලැබූ යානය පසුගිය වසරේ මාර්තු මස නමවෙනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ගුවන්තොටුපළින් ගමන් ඇරඹි අතර ලොව වටා කිලෝමීටර 42 000 ගමන් කර නැවත අබුඩාබි වෙත පැමිණ ඇත.
අදියර 17ක් යටතේ සිදුකළ මෙම පියාසැරිය මහද්වීප හතරක්, මුහුදු තුනක් හා සමුද්‍රයන් දෙකක් හරහා ගමන් කර තිබුණි. ස්විට්සර්ලන්ත ජාතික බර්ට්‍රැන්ඩ් පිකාඩ් හා ඇන්ඩ්‍රො බොෂ් බර්ග් යානය පැදවූහ.
දීර්ඝතම ගුවන් පියාසැරියට හිමි ලෝක වාර්තාව ඇතුළු තවත් වාර්තා 19ක් චාරිකාවේදී තබනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් එමීර් රාජ්‍ය කියලා කියන්නෙ නියම රටක්. එ්ගොල්ලෝ හැමදාම මොකක්හරි ලෝක වාර්තාවක් තියන්න බලනවා. නියමයි! (නි)
මම දවසකට කිලෝ මීටර් 10 බැගින් අවුරුදු 12,ක් 1997අප්‍රේල් 22 සිට 2010 දෙසැම්බර් දක්වා කිලෝ මීටර් 47450 ඇවිදලා තිබෙනවා කීවොත් ඔබ විශ්වාස කරනවද. කළත් නොකළත් මම එය කළ. ලංකාවේදී නොවෙයි කටාර් වලදී. නමුත් ගුවන් ගමනට ගතවූ කාලය වැඩී කියා සිතනවා. (බ)
කලින් අපේ ඇමතිවරුත් ගිහිල්ලා ඔය වාර්තාව තියලා ආවා වගේ මතකයි (නි)