ඉන්දියාවේ දකුණු දිග අන්ද්‍රා ප්‍රදේශයේ ක්‍රිෂ්ණානම් ගංගාවේ ගමන්ගත් බෝට්ටුවක් ගිලී යාමෙන් 16දෙනක් මියගොස් ඇතැයි වාර්තා වේ. යාත්‍රාවේ 38 දෙනෙකු ගමන්කර ඇති බවද ඉන් 20දෙනකු බේරාගත් බවද බලධාරීහු පවසති.
 
බෝට්ටුවේ ගමන්ගත් පිරිස ආගමික උත්සවයකට සහභාගී වීම සඳහා ගොස් ඇත.
 
බෝට්ටුවේ පමණට වඩා මගීන් පටවා ඇති බවද එහි හිමිකරුට යෝග්‍ය අවසර පතක් හෝ නොතිබූ බවද පොලිසිය පවසයි. 
 
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවුඩයක් මගින් සිද්ධිය සම්බන්ධව ඔහු මහත් සංවේගයට පත්වූ බව පවසා ඇත.
 
(බීබීසි ඇසුරිණි - 085)