IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ත්‍රස්ත නායකයන් සිවු දෙනෙකු නිදහස් කරලා

පාකිස්තානය ත්‍රස්තවාදය එරෙහිව පියවර ගන්නා බව ප්‍රකාශ කරන අතරවාරයේදී ගෝලීය ත්‍රස්තවාදී සංවිධානයක ජ්‍යෙෂ්ඨ නායකයන් සිවුදෙනකු නිදහස් කර ඇතැයි පාකිස්තානයේ සහ ඉන්දියාවේ ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තානය ත්‍රස්තවාදයට එරෙහිව පියවර ගන්නා බව පවසමින් ත්‍රස්තවාදීන් නිදහස් කර ඇති බවත් ඒ තුළින් පාකිස්තානය ජාත්‍යන්තර ප්‍රජාව රවටා ඇති බවත් ඇතැම් පාර්ශව පාකිස්තානයට චෝදනා කර ඇත.

ඉකුත් දින කිහිපයේදී පාකිස්තානයේ සහ ඉන්දියාවේ ඇතැම් මාධ්‍ය දිගින් දිගටම මේ සම්බන්ධයෙන් පුවත් වාර්තා කර තිබිණි.

ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව කියමින් ලාහෝර් මහාධිකරණයක් ඉකුත් සතියේ දී ලක්ෂාර්-ඊ-තයිබා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් හයදෙනකු නිදහස් කරන්නැයි නියෝග කළේ ය.

ලක්ෂාර්-ඊ-තයිබා සංවිධානය ගෝලීය ත්‍රස්ත සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.

(ඒ.එන්.අයි.)



අදහස් (0)

ත්‍රස්ත නායකයන් සිවු දෙනෙකු නිදහස් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site