කැරකස්හිදීය (රොයිටර්)
ත්‍රස්තවාදීන් හමුදා ආයුද ගබඩාවලට ඇතුළු වී ආයුද සොරකම් කර ඇතැයි වෙනිසියුලානු ජනාධිපති නිකොලාස් මදුරෝ ප්‍රකාශ කරයි.
තෙල් සම්පත් බහුල රටක් වන වෙනිසියුලාව මේ වනවිට ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අතර රට අභ්‍යයන්තරයේ පොලිසිය, හමුදාව සහ විපක්ෂ කණ්ඩායම් අතර ගැටුම් ඇති වී තිබේ. පසුගිය ජූනි මාසයේදී රජයේ ගොඩනැගිලිවලට වෙඩි තැබීමේ සිදුවීමට අවශ්‍යව සිටින පොලිස් නිලධාරියකු වන ඔස්කාර් පෙරෙස්ගේ කණ්ඩායමක් විසින් මෙම ආයුද සොරකම සිදු කර ඇතැයි ද තවදුරටත් වාර්තා වේ.
වෙනිසියුලා ජනාධිපතිවරයා පොලිස් නිලධාරී ඔස්කාර් පෙරෙස්ගේ කණ්ඩායම ත්‍රස්ත කණ්ඩායමක් ලෙස හඳුන්වන අතර වෙනිසියුලාව නිකොලාස් මදුරෝගේ පාලනයෙන් බේරාගත යුතු පෙරෙස් පවසයි. වෙනිසියුලා ජනාධිපතිවරයාට බලයෙන් ඉවත් වන්නැයි විපක්ෂ කණ්ඩායම් ද අවධාරණය කර තිබෙන අතර විපක්ෂ කණ්ඩායම් ඇමෙරිකාවේ සහාය ලබමින් කුමන්ත්‍රණවල නිරත වන්නේ යැයි මදුරෝ ජනාධිපතිවරයා චෝදනා කරයි.
ක්ලාෂිනොකොව් ඒ.කේ 103 වර්ගයේ තුවක්කු 26ක් සහ රයිෆල ඇතුළු තවත් ආයුද 3,000ක වැඩි ප්‍රමාණයක් සොරාගෙන ඇතැයි 50කට ආසන්න පිරිසක් ඊට සම්බන්ධ වී ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ නමුත් වෙනිසියුලා රජය මේ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු කිසිවක් ප්‍රකාශ කර නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd