IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


තුර්කි ගුවන් හමුදාව සිරියානු මගී යානයක් බලෙන් රැගෙන යයි

රුසියාවේ සිට සිරියාව බලා පියාසර කළ සිරියානු මගී ගුවන් යානයක් ගුවන් හමුදාවේ ප‍්‍රහාරක යානා යොදවා, උඩු ගුවනේදී වටකොට, තම රටට ගෙන්වා ගෙන පැය කීපයක් රඳවා ගැනීමට තුර්කි රජය පෙරේදා (10) කටයුතු කළේය. රුසියාවේ මොස්කව් නුවර සිට සිරියාවේ ඩමැස්කස් අගනුවර බලා පියාසර කරමින් තිබුණු එම ගුවන් යානයේ මගීන් 30 දෙනකු සිටි බව විදෙස් පුවත් සේවා පවසයි. ඒ 320 වර්ගයේ ගුවන් යානය මොස්කව් නුවර සිට සිරියාවට පැමිණෙන්නේ ආයුධ තොගයක් ද රැගෙන යැයි තුර්කි බුද්ධි අංශවලට ඔත්තුවක් ලැබී ඇත. ඒ අනුව, තුර්කි ගුවන් හමුදාව, ප‍්‍රහාරක ජෙට් යානා යවා උඩු ගුවනේදී මගී යානය වට කළ බවත්, ඉන්පසු එය තුර්කියේ අන්කාරා අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළට හරවා යවා එහි ගොඩබැස්සවීමට බල කළ කෙරුණු බවත් වාර්තා වේ. සිරියානු යානය තම අණට අකීකරු නොවූයේ නම් ඊට පහර දීමට ද තුර්කි ගුවන් හමුදාව සූදානමින් සිටි බව විදෙස් පුවත් සේවා පවසයි. සිද්ධිය ගැන මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කළ තුර්කි විදේශ ඇමැති අහ්මෙට් ඩවුටොල්ගූ කියා සිිටියේ තම ගුවන් හමුදාව යානය අත්අඩංගුවට ගත්තේ එය තුර්කියට ඉහළ ගුවන් සීමාවේ පියාසර කරමින් සිටියදී බවය. ”මගී ගුවන් යානයක් යොදා ගෙන ආයුධ ප‍්‍රවාහනය කරන්නේ නම් එය සිවිල් ගුවන් සේවා නීති උල්ලංගනය කිරීමක්. අපට හෝඩුවාවක් ලැබුණා සිරියානු යානයේ එවැනි ආයුධ ඇති බව. අප ගුවන් හමුදාව යොදවා යානය අපේ අත්අඩංගුවට ගැනීමට තීරණය කළේ එම අවස්ථාවේදීයි” යැයි තුර්කි විදේශ ඇමැති වරයා මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළේය. යානයේ ප‍්‍රවාහනය කරමින් තිබුණු බඩු තොගයක් තුර්කි රජයේ බාරයට ගත් බව ද තුර්කි රජයේ පුවත් සේවා පවසයි. කෙසේ නමුත් එම භාණ්ඩ අතරේ ආයුධ තිබුණේ ද නැද්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. පැය කීපයක් රඳවා ගෙන ප‍්‍රශ්න කිරීමෙන් පසු යානයේ නියමුවන්, කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ මගීන්ට පිටව යෑමට අවසර ලැබුණු අතර ගුවන් යානය තුර්කියේ අන්කාරා අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් පිටත්ව සිරියාවේ ඩමැස්කස් අගනුවර බලා පැමිණි බව ද වාර්තා වේ. මින් ඉදිරියට ද තුර්කි දේශසීමාව හරහා පියාසර කරන සැකකටයුතු සිරියානු ගුවන් යානා අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සෝදිසි කරන බව ද තුර්කි විදේශ ඇමැතිවරයා අවධාරණය කරයි. සිරියාවත් අසල්වැසි තුර්කියත් අතර මේ වනවිට උණුසුම් අර්බුදයක් නිර්මාණය වී ඇත. ඇතැම් දේශපාලන විචාරකයන් පවසන්නේ මාස 18 කට වැඩි කාලයක් තිස්සේ පවතින සිරියානු අර්බුදය මෙම තුර්කි/සිරියානු ගැටුම හේතුවෙන් අවසන් වේවි කියාය. සිරියාවත් තුර්කියත් අතර එම අර්බුදය නිර්මාණය වූයේ සිරියා රජයේ හමුදා එරට කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ෂෙල් වෙඩි ප‍්‍රහාරයක් සහ මෝටර් ප‍්‍රහාරයක් තුර්කි මායිම් ගම්මානවලට පතිත වීමත් සමඟය. සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව සටන් කරන ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් සටන් මෙහෙයවන්නේ තුර්කි/සිරියානු දේශසීමාවේ සිටය. සිරියා රජයේ හමුදා පහර දෙන්නේ එම කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින්ය. සිරියා රජයේ හමුදා යළිත් වරක් තුර්කියට ප‍්‍රහාරයක් එල්ල කළහොත් සිරියාවට පහර දීමට තමන් සූදානමින් සිටින බව උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව අනතුරු අඟවා ඇත. තුර්කිය නේටෝ සාමාජිකයෙකි. නේටෝ සාමාජික රටකට කිසියම් රටක් ප‍්‍රහාරයක් එල්ල කළහොත් ඊට එරෙහිව යුද ප‍්‍රකාශ කිරීමට නේටෝවට අයිතියක් ඇත.



අදහස් (0)

තුර්කි ගුවන් හමුදාව සිරියානු මගී යානයක් බලෙන් රැගෙන යයි

සනත් Friday, 12 October 2012 09:54 AM

වැඩේ කියන්නේ යානයේ තිබුණේ ආයුධද කියලා හොලි කරලා නෑ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1002 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site