සහල් සහනාධාර වැඩසටහනක් හරහා මහා පරිමාණයේ මූල්‍ය වංචාවලට සම්බන්ධ වූයේ යැයි චෝදනා ලැබූ තායිලන්ත හිටපු අගමැතිනී යිංග්ලක් ෂිනවාත්‍රාට එරෙහි නඩු විභාගය අද (19) ආරම්භ විය.
නඩු විභාගය පැවැත්වුණේ බැංකොක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ය. නීතීඥවරුන් කණ්ඩායමක් ද සමඟ හිටපු අගමැතිනී යිංග්ලක් ද අධිකරණයට පැමිණ සිටියාය.
ඇය අධිකරණයට පැමිණෙද්දී ඇගේ පක්ෂයේ ආධාරකරවෝ රැසක් අධිකරණ ගොඩනැගිල්ල ඉදිරිපිට රැස්ව සිට ඇයට සුබ පැතූහ.
මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් හිටපු අගමැතිනිය වරදකාරිය වුවහොත් ඇයට අද වසරක සිර දඬුවමක් හිමි වනු ඇතැයි විදෙස් මාධ්‍ය කියයි.
අධිකරණය හමුවේ යිංග්ලක් පවසා ඇත්තේ තමන් නිර්දෝෂී බවයි. ඇය වැඩි දුරටත් පවසා ඇත්තේ ඇගේ දේශපාලාන ගමන නැවැත්වීමට විපක්ෂය ක්‍රියා කරන බවයි.
යිංගලක්ට අගමැති ධුරය අහිමි වූයේ ඉකුත් වසරේ මැයි මාසයේදී එරට ව්‍යවස්ථාදායක අධිකරණය දුන් තීන්දුවකට අනුවය. ව්‍යවස්ථාදායක අධිකරණය ඇය අගමැති ධුරයෙන් ඉවත් කළේ ඇය බලතල අයථා ලෙස භාවිතා කළේ යැයි එල්ල වී තිබුණු චෝදනාවලට වරදකාරිය කරමිනි.
බැංකොක්හිදීය (ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා ලංකාවට ආවොත් කිසිම ප්‍රශ්නයක් නැතුව බේරෙන්න පුළුවන්. අද ඒ සඳහා උපදෙස් ගන්න අවශ්‍ය අය ඕනෑතරම් ඉන්නවා ලංකාවේ. (නි)
මෙහෙත් එක්තරා දේශපාලයෙකුට තිබුනා ඔය විදිහේ ප්‍රශ්නයක්. මතකද? (නි)
බොලේ හැබැට , එහෙ කට්ටියත් කියන්නේ අපේ කට්ටිය කියන දේමනේ. ඔය සුත්තරේ දිගටම කියන්න නෝනේ මෝඩ ඡන්ද දායකයෝ හුරේ දම දමා පසෙන් එනවා මෙහෙ වගේ (බ)