1939 වසරේදී තිරගත වූ ප්‍රකට ළමා චිත්‍රපටියක් වන‘විසාර්ඩ් ඔෆ් ඔස්‘ හි එන ‘ද විච් ඉස් ඩෙඩ්‘(යක්දෙස්සිය මැරිලා) ගීතය හිටපු බ්‍රිතාන්‍යය අගමැතිනී මාග්‍රට් තැචර්ගේ මරණයත් සමග ඉහළ ජනප්‍රියතාවක් හිමිකරගෙන තිබේ.
දැනටමත් බ්‍රිතාන්‍යයේ සතියේ ජනප්‍රියම ගීත 40 දර්ශකයට එය ඇතුළත්ව ඇත.
චිත්‍රපටියේ නම් එහි වීරවරිය වන ඩොරති නපුරු යක්දෙස්සියක් අඩපණ කිරීමේ සතුටට සිය මිතුරන් හා එක්ව මේ ගීය ගයන්නීය.
මාග්‍රට් තැචර් බ්‍රිතාන්‍යයන් අතර ඉහළ ජනප්‍රියතාවක් හිමිකරගෙන සිටියද ඇයගේ පාලන සමයේ තරුණ තරුණියන්ට නම් තිබුණෙ එතරම් හොද කාලයක් නොවන බව කියැවේ.එදවස තරුණ තරුණියන්ගේ විලාසිතා හා හැසිරීම් මාග්‍රට් තැචර්ගේ දැඩි පිළිකුළට භාජනය වූ බව සදහන්ය.තවද රැකියා විරහිත තරුණ තරුණියන් සමාජයෙන් වෙන්කිරීමටද ඇය ක්‍රියාකළ බව පැවැසේ.
ඇයගේ පාලන සමයේදී පීඩා වින්දවුන් දැන් ඇයගේ මරණය හමුවේ සතුටු වන බව පෙනෙන්නට ඇතැයි දේශපාලන විචාරකයන් කියයි.
COMMENTS
ගාමිණී, ඔබගේ නමටත් එක්ක ලැජ්ජයි ඔබගේ අදහස්. (නි)
අයි එතකොට ලංකාවේ මේ වගේ යක්කු කී දෙනෙක් නම් මලාද ? (ස)
මාග්‍රට් තැචර් ජීවත්ව සිටි කාලයේ වලිගෙ ඔතාගෙන සිටි රිලව් රංචුවක් දැන් තමයි පිනුම් ගහන්නේ.. (ස)