ලන්ඩන්හිදීය (රොයිටර්)
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් එරට ‘බ්‍රෙක්සිට්’ අමාත්‍ය ඩොමිනික් රාබ් අද (15) එම අමාත්‍ය ධුරයෙන් ඉවත් විය.
බ්‍රිතාන්‍යයේ යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් ද අමාත්‍ය ධුරයක් ස්ථාපිත කළ අතර එය ‘බ්‍රෙක්සිට්’ අමාත්‍ය ධුරය යනුවෙන් හැඳින්වේ.
බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ ගේ යුරෝපා සංගමයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියට විරෝධය පළ කිරීමක් ලෙස එලෙස අමාත්‍ය ඩොමිනික් රාබ් සිය ධුරයෙන් ඉවත් වී තිබේ.
“කැබිනට් මණ්ඩලයේදී යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. මම ඉල්ලා අස්වෙනවා” යැයි රාබ් ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කළේය.
අගමැතිනි තෙරේසා මේගේ සැලසුම් එක්සත් රාජධානියේ අවංකත්වයට තර්ජනයක් යැයි ද රාබ් පවසා ඇත.
055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.