දෝෂාභියෝගයට අදාළව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහිව කෙරෙන විමර්ශනවලට කිසිදු ආකාරයකින් සහාය නොදෙන බව ධවල මන්දිරය නිල වශයෙන් නිවේදනය කළේය.
ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයන්ට ලිපියක් යවමින් දෝෂාභියෝග ක්‍රියාවලිය ‘පදනම්’ විරහිත සහ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට’ පටහැණි යැයි ද ධවල මන්දිරය සිය ලිපියේ සඳහන් කර ඇත.
ඩිමොක්‍රටික්වරුන්ගේ නායකයත්වය යටතේ ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ කමිටු තුනක් ජනාධිපති ට්‍රම්ප් මහතාට එරෙහිව විමර්ශන පවත්වයි.
ජෝ බයිඩන් මහතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට බල කරමින් ජනාධිපති ට්‍රම්ප් මහතා යුක්රේනයට ආධාර සැපයීම ප්‍රමාද කළේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම කමිටු පත් කර තිබේ. බැරැක් ඔබාමා පාලන සමයේ උප ජනාධිපතිධුරය හෙබ වූ බයිඩන් මෙවර ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සටනට ඉදිරිපත් වී සිටී.
යුරෝපා සංගමයේ ඇමෙරිකානු තානාපතිවරයා ඇමෙරිකානු කොංග්‍රසයේ දෝෂාභියෝග විමර්ශන කමිටුව හමුවේ පෙනි සිටීම වැළැක්වීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේය. ධවල මන්දිරය දෝෂාභියෝග ක්‍රියාවලියට සහාය නොදෙන බව නිවේදනය කළේ ඉන් අනතුරුවය.
(ඒ.එෆ්.පී. )
055


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.