ට්‍රක් රථයකින් ලිස්සා ගිය කන්ටේනරයක් මගී බස් රථයක් මතට වැටීම හේතුවෙන් දකුණු ඉන්දියාවේ 19දෙනකු මියගොස් ඇත.
බස් රථයේ 48දෙනකු පමණ ගමන් කරමින් සිට ඇති බවත් රෝහල් ගතකළ කිහිපදෙනකුගේ තත්ත්වය බරපතල බවත් පොලිසිය පවසයි.
බස් රථය අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබියදී ප්‍රතිවිරුද්ධ මංතීරුවේ ගමන් කරමින් සිටි ට්‍රක් රථයෙන් කන්ටේනරය ලිස්සා ගොස් ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත.
කේරළ ප්‍රාන්ත ප්‍රවාහන සංස්ථාවට අයත් බස් රථය කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් නගරයේ සිට කේරළයේ අර්ණාකුළම් දක්වා ගමන් කරමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇත.
අනතුරින් පසු ට්‍රක් රථයේ රියදුරු පලාගොස් ඇති බවත් අනතුරට හේතුව විමර්ෂණය කරමින් පවතින බවත් පොලිසිය පවසයි.
(බීබීසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd