ටජිකිස්ථානයේ උස්බැකිස්ථාන දේශසීමාව ආසන්නයේ මුරපොළකට අයි.එස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් 17 දෙනකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති.
 
ප්‍රහාරය සඳහා සටන්කාමීන් 20 දෙනකු පමණ පැමිණ ඇති බවත් ඔවුන්ගෙන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
 
සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ සිට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.
 
දේශසීමා අරගල සම්බන්ධව ටජික්ස්ථානය හා උස්බැකිස්ථානය එකඟතාවයකට පැමිණි බවට වාර්තා වීමෙන් දිනකට පසු මෙම ප්‍රහාරය එල්ල වූ බව පැවසේ.
 
පසුගිය කාලයේ ටජිකිස්ථානයේ එල්ල වූ බොහෝ ප්‍රහාරයන් අයි.එස් සංවිධානය විසින් සිදුකළ බවට වාර්තා විය.
 
කෙසේ වුවද අයිඑස් සංවිධානය මෙම ප්‍රහාරය සම්බන්ධව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.
 
(බීබීසී ඇසුරිණි - 085)