සඳ මත මෙහෙයුමක් සිදු කිරීමට ප්‍රථම වරට පෞද්ගලික සමාගමක් ඉදිරිපත් වී ඇත. මෙය ජර්මානු සමාගමක් වන අතර ඔවුන් බලාපොරොත්තු වන්නේ මීට පෙර සඳ මත ඇපලෝ 17 යානය ගොඩබැස්වූ ප්‍රදේශයට සූර්ය බලයෙන් ක්‍රියාකරන රොබෝවෙකු ගොඩබැස්වීමයි.
මීටර් 500ක් පමණ දුරක් එහා මෙහා ගමන් කළ හැකි මෙම රොබෝවාට ඉතා ඉහල තත්වයේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සම්ප්‍රෙෂණය කිරීමේ හැකියාව ද ඇති බව පැවසේ. මෙමගින් ඇපලෝ 17 ගගනගාමීන් සඳ මත ගමන් කර අතහැර දමා ආ රථයේ වර්ථමාන තත්ත්වය හා චන්ද්‍රයාගේ පරිසර තත්ත්ව යටතේ එහි සිදු වී ඇති වෙනස්කම් සම්බන්දව ද අධ්‍යයනය කිරීමට නියමිතය.
නාසා ආයතනය උපදෙස් දී ඇත්තේ මෙම මෙහෙයුම සඳේ ඇමරිකානු අභ්‍යාවකාශ ඒජන්සිය උරුමකම් කියන ප්‍රදේශයට කිලෝමීටර් දෙකක්වත් ඈතින් සිදු කල යුතු බවයි. ප්‍රථම සඳ ගමනට අයත් ඓතිහාසික ස්ථාන වලට හානි සිදු වීමේ අවදානමක් ඇති නිසා මීටර් 200කට වඩා ආසන්නයට නොයා යුතු බවද නාසා ආයතනය අවධාරණය කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නේ නැති හින්දා අහන්නේ. හඳ කාටද අයිති? (නි)
මිනිසා හඳ මතට නොගිය බවට මතයක් සමහර අයගේ පවතිනවා. ඒක තවමත් සම්පුර්ණවශයෙන් බැහැර වී නැහැ. එකිනෙකට පරස්පර සංසිද්දීන් කිහිපයක් තියනවා තවමත් නොවිසදුන (ර)
ලංකා සඳ මතින් ගෙනෙන පස් සාම්පල් පොළොවේ පස් වලට කිසිසේත් සමාන වුණේ නැහැ. මේ සාධකය හොඳටම ඇති මිනිසා විසින් සඳට ගොඩබැස්සා කියන්න. (ම)
ඇමෙරිකන්කාරයෝ හඳත් අයිතිකරගෙන දැන්මම...... (නි)
අනුර, ඔයාලා වගේ හඳට ගල් ගහපු අය තමයි හඳට මිනිසෙකු නොගිය බව කියන්නේ (නි)
අනුර, ඔයා නොදන්නවා වුණාට සඳ මතින් ගෙනෙන පස් සාම්පල් පොළොවේ පස් වලට කිසිසේත් සමාන වුණේ නැහැ. මේ සාධකය හොඳටම ඇති මිනිසා විසින් සඳට ගොඩබැස්සා කියන්න (නි)
හඳට ගියේ ඇපොලෝ 11 යානයෙන් නේද? මට මටක විදිහට එහෙමයි. මම වැරදි නම් නිවැරදි කරන්න (නි)
සත්‍යය වසන් කරන්න ඉතිහාසය පුරාම පල්ලිය මුදල් සම්භාරයක් වියදම් කර තිබෙනා. සත්‍යය විනාශ කරන්න ඇමෙරිකාව ඩොලර් බිලියන් ගණන් අතීතයේ දී පාවිච්චි කර තිබෙනවා. වර්තමාන ජර්මන් ජාතිකයෝ බොරුව පිළිකුල් කරනවා. සඳේ අයිතිය තහවුරු කරන්න මුලින්ම එහි ගියේ අප යයි කියන්න ඕනේ නිසා තමයි"කුමන්ත්‍රණ න්‍යාය" භාවිතයට ආවේ. අපේ එවුන් හඳට නොගියාට හඳ පොළොවට වුනත් ගෙනත් දෙන්නම් කියා මැතිවරණ කාල වලදී ජනතාව හොඳින් රවටා තිබෙනවා. බලන කොට ඌත් එකයි මුත් එකයි. (හේ)
අනුරට මමත් එකගයි ප්‍රශ්න ගනනාවක් ඉතුරු කරපු ගමනක් ඈපලෝ 17 ඒ කේ ඈත්ත නෑත්ත දෑන්ගත යුතුමයි (හේ)
චන්ද්‍රයා බිහිවුයේ වෙනත් ග්‍රහලොවක් (අගහරු සහ සමාන විශාලත්වයකින් යුතු)පෘතුවිය සමග ගැටීමෙන් බිලියන 4.5 කලින් ...පස් සාම්පලේ කෙසේ වෙතත් ඊට වැඩ වැදගත් කාරණා තියෙනවා ඇමෙරිකානුවන් 1969 කරපු මෙහෙයුම හුදෙක් ස්ටුඩියෝ එකක කරපු බොරු මවාපෑමක් කියල්ල ඔප්පුකරන්න (ර)
ලසන්ත, ඔබ අන්තර්ජාලය පාවිච්චි කරන කෙනෙක් නිසා ඔබට විනාඩි කිහිපයක් වැය කිරීමෙන් ඉතාම නිවැරදි තොරතුරු ඉතාම ලෙහෙසියෙන් හොයාගන්න පුළුවන්. කව්රුවත් ලියන හෝ කියන දේවල් හිස්මුදුනින් පිළිනොගෙන බුද්ධිමතුන්ගේ විවිධ අදහස් කියවා, ඔබේම මතයකට එන්න. (නි)
මෙතැනදී වැදගත් වෙන්නේ අයිතිවාසිකම් කීම. චන්ද්‍රයාගේ මායිම් ලකුණු කිරීමේ කොන්ත්‍රාත්තුව ඇමෙරිකාවට දුන්නේ කවුද? පෘථිවිය වගේ හඳෙත් එ්ගොල්ලොද පොලීසිය? (නි)
ඇයි සඳ නාසා ආයතනය සතු දේපොළක්ද? මේකෙන් සඳ තරණය පිළිබඳ සැකය තවත් වැඩිවෙනවා. (නි)
ඇපලෝ 17 රුපවාහිනී ඡයාරුපවල ඇමරිකන් කොඩිය හෙලවෙනවා නමුත් සඳ මත හුළඟක් නැහැ . මේ ගැන ලොව පුරා වාද විවාද තවම තියෙනවා. (ර)
ලංකා, බන්දුලගේ අදහස දැක්කද?
අශිකා, ඔබ අර කතන්දරය මතක් කරදීම ගැන ස්තුතියි. හඳට ගැහුවේ ගලකින් නොවෙයි. ගොරකා පොල්ලකින්ලු! තවත් කතාවක් තියනවා. ඇමරිකන්කාරයා හඳට යන්න බොහොම කාලෙකට ඉස්සෙල්ලා අපේ ශක්‍ර දෙයියෝ ඒක මත හාවෙකුගේ රූපයක් පින්තාරු කෙරුවා කියනවා නේද? අන්න ඒවා විශ්වාස කරන උගතුන් තමයි, මිනිසා සඳ මත පය තැබූ බව විශ්වාස නොකරන්නේ (නි)
හඳ පායනවිට සමහර අයට අංගොඩ මතක් වෙනවා (නි)
අපි මෙවන් ආරංචි දැනගන්නේ ලංකාදීපය නිසයි
ඒ පාර හඳත් බෙදාගෙනලු ද අනේ? (ර)
මිනිසා හඳ මතට නොගිය බවට මතයක් සමහර අයගේ පවතිනවා. මෙම ව්‍යාපෘතියෙන් ඇපලෝ 17 චන්ද්‍රයා මත ගමන්කළ යානාවේ ඡායාරූප එවනු ලැබූවොත් ඉහත මතය බොරු වී මිනිසා සත්‍ය වශයෙන්ම සඳට ගිය බව තහවුරු වෙනවා. මම හිතන්නේ නැහැ ජර්මන් සමාගමට වෙනත් අයගේ මත තහවුරු කිරීම හෝ නොකිරීමට දැන් අවශ්‍යතාවයක් ඇතිය කියලා. (නි)
කවින්ද, මට දැන් 66 යි ඉන්නෙ පිටරට. අපේ අම්ම මට පොඩිකාලෙදි කියල දුන්න හැටියට හඳ අයිති හඳ මාමට. අනේ ඒ අයිතිය තාමත් එහෙමම තියෙනවනම් කොච්චර ලස්සන පුන්චි සිතිවිලි සතුටින් තියේද. (බ)
මෙවන් ආරංචි ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)