තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිනිය ලෙස පිට පිටම දෙවැනි වරටත් තේරී පත්වූ ජයලලිතා ජයරාම් ඇතුළු ඇගේ කැබිනට් මණ්ඩලය ආණ්ඩුකාර කේ.රෝසයියා ඉදිරියේ අද (23) දිවුරුම් දුන්හ.
එම උත්සවය මැඩ්‍රාස් විශ්ව විද්‍යාලයේ සංවත්සර ශාලාවේදී පැවැත්විණි.
ජයලලිතා මහ ඇමැතිනිය වූයේ හයවැනි වරටයි. ඇය දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ අඟහරුවාදා සිට ක්‍රියාත්මක වන පරිදි තමිල්නාඩු ප්‍රාන්තයේ මත්පැන් හල් විවෘතව තැබීමේ වේලාව පැය දෙකකින් අඩු කිරීමට තීරණය කළාය. ඒ අනුව මත්පැන් හල් මින් පසු විවෘත කළ යුත්තේ මධ්‍යහ්න 12 සිට රාත්‍රී 10 දක්වා පමණි. මීට පෙර පෙරවරු 10ට විවෘත කිරීමේ අවසරය තිබිණි.
වහාම ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත පාරිභෝගිකයන් සඳහා විදුලි ඒකක 100ක් නොමිලේ ලබාදීමේ ඡන්ද පොරොන්දුව ඉටු කිරීමටද ඇය අද කටයුතු කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුගත් ඡන්දාදයකයෝ ඉන්නතුරු විශේෂයෙන්ම දකුණු ආසියානු රටවල ඉන්න දුෂිත දේශපාලකයින් කවදාවත් පරාජය වෙන්නේ නැහැ. මේගොල්ලෝ මැරෙනකම්ම දිවුරුම් දෙනවා. ඊටපස්සේ ඔවුන්ගේ පවුලේ කෙනෙකු දිවුරුම් දෙනවා. මැරුණහම මිනිස්සු පිළිම හදලා වඳිනවා. (නි)
උපුල්, සම්පුර්ණ ඇත්ත. අපි හිතාගෙන ඉන්නේ නම් 80% සාක්ෂරතාවය එහෙම තියෙනවා ඉතින් අපි හරි උගත් කියල. නමුත් අපි දකුණු ඉන්දියානුවන්ට වෙනස් නැහැ. දේශපාලනඥයන් ජීවමාන දෙවිවරුන් කියල වඳිනවා. මොන තරම් රටට අහිතකර දේවල් කරපු කෙනෙක් වුනත් වේදිකාවේ බෙරිහන් දෙනකොට සාදු කියනව. (බ)
හරිට අපේ කට්ටිය වගේ මයි. අපිට පොරොන්දු උන සේරම දැන් දීල තියෙන්නේ. අපිට තියෙන්නේ කැප කරන එක විතරයි. (ර)
ජයලලිතා සහ ලංකාවේ මහින්ද රාජපක්ෂ දෙදෙනාම එක සමානය , ඔවුන් දේශපාලනය ජය ගන්නට ජාති වාදය මුල් කරගෙන සිටි , ජයලලිතා දමිළයන් වෙනුවෙන් සහ මහින්ද සිහලුන් වෙනුවෙන් , බහුතරයක් මේ දෙදෙනාව දෙවියන් මෙන් සලකා පුදනවා වහලුන් වෙනවා (බ)