ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අසත්‍ය ප්‍රචාර පැතිරවීයැයි කියන දෙදෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉන් එක් අයෙකු ඇගේ රෝග තත්ත්වය පිළිබඳ අසත්‍ය හඬ පටයක් අන්තර්ජාලයට එක් කර ඇත.තවත් 40 දෙනෙකුට විරුද්ධව පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.

ජයලලිතා සැප්තැම්බර් 22 වැනි දා රෝහල්ගත කළාය.ඇගේ රෝගී තත්වය පිළිබඳව මේ වන තෙක් හරි පැහැදිලි කිරීමක් සිදු නොකිරීම අසත්‍ය ප්‍රචාර බහුල වීමට හේතුව බව මාධ්‍ය පවසයි. ඇගේ ආධාරකරුවෝ රෝහල ඉදිරිපිට මෙන්ම පුජනිය ස්ථාන වලද ඇය වෙනුවෙන් පුජා පවත්වති.