IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ජපානයේ දේශපාලන හිසරදයට නැවතත් කොට්ට මාරුවක්

පසුගිය සතියේ බදාදා ජපානයේ පාර්ලිමේන්තු සැසි වාරයක් පැවැත්වෙන අතර තුරදී අගමැති යොෂිහිකෝ නෝඩා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පවත්වන බව හදිසියේම ප‍්‍රකාශයට පත් කළේය. 2009 දී පැවැති මහා මැතිවරණයෙන් ආසන 480 කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 308 ක් දිනා ගනිමින් වාර්තාගත ජයග‍්‍රහණයක් හිමි කරගත් ජපානයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට හෝ එහි අගමැතිවරයාට තවදුරටත් රට පාලනය කිරීමට වරමක් නොමැති නිසා මෙවැනි පියවරක් ගත් නමුත් දෙසැම්බර් 16 දා පැවැත්වීමට නියමිත මහා මැතිවරණයෙන් හෝ ස්ථාවර රජයක් පිහිටුවීමට හැකි වෙතැයි අපේක්ෂා කළ නොහැකිය. මෑතකදී පැවැත්වූ ජනමත විමසුම් අනුව දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව එක දිගටම පාලන බලයේ සිටි ලිබරල් ඩිමොක‍්‍රාටික් පක්ෂයට නැවතවරක් පහසු ජයග‍්‍රහණයක් ලබා ගත හැකි වුවද ජපානය මුහුණ දී සිටින ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම් ලබා ගැනීම අසීරු වනු ඇත. දෙසැම්බර් 16 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයෙන් ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂයේ නායක ෂිම්සෝ අබේ අගමැති තනතුරට පත්වුව හොත් ඒ පසුගිය වසර හතක කාලයක් තුළ අගමැති තනතුරට පත්වන හත්වැන්නා වේ. වරෙක සුපිරි නිෂ්පාදන ශක්තියෙන් යුත් කාර්මික බලවතෙකු වූ ජපානය පසුගිය වසර කීපය තුළ ලොව දෙවැනි විශාල ආර්ථිකයේ සිට තුන්වැනි තැනට පහළ වැටුණේය. 2008 මූල්‍ය අර්බුදය හට ගැනීමටත් පෙර සිටම නිෂ්පාදන පසුබෑමකට ලක්ව සිටි ජපානයට ඉන් ගොඩ ඒමට සුදුසු ආර්ථික වැඩ පිළිවෙළක් සකසා ගැනීමට මෙතෙක් හැකිව නැත. අසුවේ දශකයේ සිටම ලොව විශාලතම වෙළෙඳ අතිරික්තයකට හිමිකම් කී ජපානය ප‍්‍රථම වරට පසුගිය සැප්තැම්බර් මාසයෙන් අවසන්වූ කාර්තුවේදී වර්තන ගිණුමේ හිඟයක් වාර්තා කළේය. ඒ සමගම පසුගිය මාසයේදී වෙළෙඳ ශේෂයේද හිඟ ශේෂයක් වාර්තා විය. ඊට මූලික වශයෙන් හේතු වූයේ ජපානයේ ප‍්‍රධාන අපනයන මෙම කාර්තුවේදී සියයට 3.2 කින් පහත වැටීමය. අපනයන පහත වැටීමට තුඩු දුන් හේතු ගණනාවක් තිබිණි. ඉන් කැපී පෙනෙන සාධකය වන්නේ ජපානයේ ප‍්‍රධාන ගනුදෙනුකරුවා වන චීනය සමග චීන බසින් සියාඔයු හා ජපන් බසින් සෙන්කකු නමින් හැඳින්වෙන දුපත්වල අයිතිය පිළිබඳව හටගත් ආරවුලයි. ඊට අමතරව යුරෝපා සංගමයට අයත් රටවල පවතින ආර්ථික පසුබෑම නිසාද අපනයන ඉල්ලූම පහත වැටිණි. මෙම ආර්ථක පසුබෑම නිසා ලොව කීර්තිමත් වෙළෙඳ නාම බවට පත්ව සිටි ෂාප් පැනවිෂන් හා සෝනි වැනි ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනයේ දැවැන්ත සමාගම් මූල්‍ය අර්බුදවලට මුහුණ දී සිටී. ලොව අංක එකේ මෝටර් රථ නිෂ්පාදකයාවූ ටොයෝටා සමාගම දැනට සති කීපයකට පෙර තම නිෂ්පාදන වූ වාහන දශ ලක්ෂ දෙක හමාරක් කාර්මික දෝෂ නිසා ආපසු කැඳවීමට තීරණය කළේය. නිෂ්පාදන කර්මාන්ත ක්‍ෂේත‍්‍රයේ ඇති වූ මෙම පසුබෑම ජපන් කොටස් වෙළෙඳපොළේ වාර්තාවූයේ එහි දර්ශක අගය 39,000 ක උපරිමයක සිට 9000 දක්වා පහත වැටීමෙනි. සමහර විශ්ලේෂකයින් පෙන්වා දෙන ආකාරයට ජපන් ආර්ථිකයේ වර්තමාන මූර්ත අගය පවතින්නේ 1993 දී පැවැති මට්ටමේය. එනම් දශක දෙකකට ආසන්න කාලයක් තුළ ජපන් ආර්ථිකයේ කිසිම වර්ධනයක් සිදුව නැත. මේ නිසා රජයට සිය වියහියදම් පුරවා ගැනීමට හා ආර්ථිකය පණගැන්වීමට දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් ණයගැනීමට සිදුවිය. දැන් ජපානයේ රාජ්‍ය ණය ප‍්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතය හා සසඳන විට සියයට 230 කි. එය ලොව කාර්මික රටවල් අතුරෙන් ඉහළම අනුපාතයයි. මෙවැනි පසුබිමක් තුළ ජපානයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකින් එකකට හෝ ආර්ථිකය නගා සිටුවීමට සාර්ථක විසඳුම් සොයා ගත නොහැකි විය. 2009 වසරේදී පාලක ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂය පරදවා එවකට විපක්ෂයේ සිටි ජපාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගතහැකි වූයේ ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂයේ දුර්වලතාව නිසාය. එහෙත් බලයට පත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට සුදුසු වැඩ පිළිවෙළක් නොතිබීම නිසා බලයේ සිටි වසර තුනක කාලයක් ඇතුළත අගමැතිවරුන් තිදෙනෙකු නම් කිරීමට සිදු විය. ඒ සමගම පිරිහෙන ජනප‍්‍රියතාව පවත්වා ගැනීම සඳහා වඩ වඩාත් ජාතිකවාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ගයකට පිවිසීමට සිදුවිය. චීන මුහුදේ දුපත්වල අයිතිය පිළිබඳව ආරවුල උත්සන්න වූයේද මෙවැනි නැඹුරුතා නිසාය. දෙරට අතර පවතින වෙළෙඳ හා ආර්ථික සබඳතා බිඳ වැටීම නොතකා මිනිස් වාසයට නුසුදුසු දුපත්වල අයිතිය ගැන දැඩි ස්ථාවර ගැනීමට දේශපාලන නායකත්වය සූදානම්ය. ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයෙන් ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂය ජයග‍්‍රහණය කළ ද මෙම ගැටලූවලට විසඳුම් ලැබෙන්නේ යැයි කිව නොහැක. එම පක්ෂයේ නායක ෂිම්සෝ අබේ අගමැතිව සිටියදී යුද්ධයේදී මිය ගිය රණවිරුවන් උදෙසා නිම කර ඇති විහාරස්ථානයකට යෑම චීනය ඇතුළු අසල්වැසි රටවල විරෝධයට හේතු විය. දැනට මත භේදයට තුඩුදී ඇති දුපත් සම්බන්ධයෙන්ද ඔහු දරන්නේ වඩාත් අන්තවාදී මතයකි. එම නිසා ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන මහ මැතිවරණයෙන් කවර දේශපාලන පක්ෂයක් ජයග‍්‍රහණය කළ ද දැනට ජපානය මුහුණ දී ඇති දේශපාලන හා ආර්ථික ගැටලූවලට විසඳුම් ලැබෙන්නේ යැයි කිව නොහැකිය.

සටහන: මහින්ද හත්තක
ජපානයේ විපක්ෂ නායක ෂිම්සෝ අබේ ජපාන පාර්ලිමේන්තුව අගමැති යොෂිහිකෝ නෝඩා මෝටර් රථ කම්හලක්



අදහස් (0)

ජපානයේ දේශපාලන හිසරදයට නැවතත් කොට්ට මාරුවක්

මුතුකුඩ Saturday, 24 November 2012 07:19 PM

මධූ ජපානයත් විනාශ වෙනවා දකින්න ආසයි වගේ. (නි)

:       0       0

මධූ Friday, 23 November 2012 08:36 PM

ඇමරිකාවෙන් උපදේසයක් ගන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1662 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2538 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


සෝවියට් යානය ඉන්දීය සාගරයට
2025 මැයි මස 11 4747 0

සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.


ඉන්දු පාකිස්තාන ගැටුම් අවසන්
2025 මැයි මස 10 2626 8

ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග


පුටින්ගේ සටන් විරාමය දීර්ඝ කරන්නැයි ට්‍රම්ප් ඉල්ලයි
2025 මැයි මස 09 164 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ


ඇමෙරිකාවත් බ්‍රිතාන්‍යයත් අතරේ නව වෙළෙඳ ගිවිසුමක්
2025 මැයි මස 09 118 0

ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1080 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1452 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 378 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site