ජපානයේ යොකොහාමා නගරයේ සීග්‍රගාමී දුම්රියක් හා ට්‍රක් රථයක් ගැටීම හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් 34 දෙනකු තුවාල ලබා ඇත.

අනතුරින් පසු ට්‍රක් රථය ගිනිගෙන ඇති අතර දුම්රිය පීලිපැන ඇතැයි බලධාරීහු පවසති.

ට්‍රක් රථයේ රියදුරු මියගොස් ඇති අතර එහි සිටි කාන්තාවක බරපතල ලෙස තුවාල ලබා ඇතැයි සඳහන් වේ.

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ මගීන් 500ක් පමණ ගමන් කරමින් සිට ඇත.

ට්‍රක් රථය පළතුරු ප්‍රවාහනය කරමින් තිබූ එකක් බවත් අනතුරින් පසු එම ගමන් මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිට ඇති බවත් පොලිසිය පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)