පිරිමි ජනනේද්‍රියක් බද්ධ කිරීමේ සැත්කමක් දකුණු අප්‍රිකාවේ දී ලොව මුල් වරට සාර්ථක වී ඇතැයි එම බද්ධය කරන ලද වෛද්‍ය ඇන්ඩ්රි වැන්ඩේර් මර්වේ පවසයි. ඔහු පවසා ඇත්තේ ජනනේන්ද්‍රිය බද්ධ කරනලද පුද්ගලයාගේ බිරිඳ ගැබ් ගෙන දැන් මාස හතරක් ගතවී ඇති බවයි.
බද්ධය සිදුකළ පුද්ගලයාගේ දැන් වයස අවුරුදු 21කි. කුඩා කාලයේ කළ වැරදි සුන්නත් කිරීමකින් ඔහුගේ ජනනේන්ද්‍රිය අහිමිවී තිබිණි. දකුණු අප්‍රිකාවේ ස්ටෙලන්බොෂ්ට් විශ්වවිද්‍යාලයේ සහ ටිජර්බර්ග් රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් පැය නමයක සැත්කමකින් ඔහුට ජනනේන්ද්‍රියක් බද්ධ කරන ලදී.
වෛද්‍ය වැන් ඩර් මර්වෙ විදෙස් මාධ්‍යයන්ට පවසා ඇත්තේ මේ ශල්‍ය කර්මය සෑම අතනින්ම සාර්ථක වූ බව ඔහුට දාව දරුවකු පිළිසිඳ ගැනීමෙන් තහවුරු වූ බවයි. ඉන් තමන් මහත් සතුටට පත්වූ බව ද වෛද්‍යවරයා කියයි. එම සැත්කම සාර්ථක වූ බැවින් ඉදිරියේ දී මෙවැනි සැත්කම් කිරීමට තවත් ඉල්ලීම් ලැබෙනු ඇතැයි ද වෛද්‍යවරයා පවසා ඇත.
‘‘ ඔහුට වයස අවුරුදු 18 දී තමයි මේ වැරදි සුන්නත් කිරීම සිදුව තිබෙන්නේ. ඒ හේතුවෙන් ඔහුගේ ජනනේන්ද්‍රියේ සෙන්ටිමීටර එකක් පමණක් ඉතිරිව තිබිය දී අනෙක් කොටස අහිමිවී තිබුණා. වෙනත් පුද්ගලයකුගෙන් ප්‍රධානය කැරුණු ජනනේන්ද්‍රියක් අපි බද්ධ කළා. සියුම් රුධිර නාල හා ස්නායු එකිනෙක බද්ධ කරමින් ඉතා සියුම් ශල්‍ය කර්මයක් කළා. අපි මේ ශල්‍ය කර්මය කිරීමට පෙර චීනයේ මෙවැනි ශල්‍යකර්ම කර තිබුණත් ඒ ශල්‍ය කර්ම වලින් ශරීරට එක්කල නව කොටස සිරුර විසින්ම ප්‍රතික්ෂේප කැර තිබීම නිසා සාර්ථක වී තිබුණේ නැහැ. “
ජනනේන්ද්‍රිය බද්ධ කිරීමේ සැත්කම් දකුණු අප්‍රිකාවේ දී සාර්ථක වීම වසරකට සිය ගණනකට සැනසුමක් ගෙන දෙන්නක් බව ද විදෙස් මාධ්‍ය පවසයි. දකුණු අප්‍රිකාවේ පාරම්පරික චාරිත්‍ර අතර පුරුෂ ජනනේන්ද්‍රිය සුන්නත් කිරීමේ චාරිත්‍රය ද බහුලය. එහිදී වැරදි සුන්නත් කිරීම් හේතුවෙන් පිරිමින්ගේ සිය ගණනකගේ ජනනේන්ද්‍රිය අප්‍රාණික වීම හෝ සුන්නත් කිරීමේ උත්සවවල දී වසරකට සියයකට වැඩි පිරිසක් මියයාම සිදුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දේශපාලනය තුලටත්ඔවැනි සැත්කම් අවශ්‍යයයි වගේ. (අ)
මේක අර පොතේ තියෙනවානේ කරන්න කියලා.නැත්නම් අනන්‍යතාවය නැතිවෙනවා කියලා.(නදී)
මීළඟ මහා මැතිවරණයට පෙර ලංකාවේ කීප දෙනෙකුටත් සැත්කමක් කළොත් හොඳයි. (නදී)
සංදී,ඔයාට කේන්ති ගියේ ඔයාටත් මේ වගේ සැත්කමක් කරන්න වෙලාද? (බ)
කන්තාරෙන් ආපු ගෝත්‍රික ඇදහිලි ක්‍රමයකට ගොදුරු වෙච්ච තවත් අහිංසකයෙක්! (ස)
මිනිසත් බව ලබා ඉපදුන මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් නොපෙනෙන බලවේගයක් පෙන්වා අමු ,අමුවේ උල්ලංගනය කරනවා. ඒ ගෑනු අයම කියනවා මේවා කරන්නේ කැමැත්තෙන් නොවේ ,තියෙන බයට කියල. (ස)
ලෝකයේ මෙතරම් දියුණු රටවල් තිබියදී ලොව පළමු හදවත් බද්ධ කිරීම සිදුකළෙත් දකුණු අප්‍රිකාවෙයි. 100% සාර්ථක ප්‍රතිඵල නොලැබුනොත් උසාවි ගිහින් වන්දි ඉල්ලන දියුණු රටවලට මේවා ආදර්ශයක්. (නි)
හොඳ අදහසක් "කන්තාරෙන් ආපු ගෝත්‍රික ඇදහිලි ක්‍රමයකට ගොදුරු වෙච්ච තවත් අහිංසකයෙක්! (බ)"
ඔය කාන්තාව තමයි හරියටම දන්නේ සැත්කම සාර්ථකද කියල (බ)
සමහරු අන්‍ය ආගමික ඇදහිලි විවේචනය කර අදහස් දාලා තිබෙනවා. මේක ගෝත්‍රික ඇදහිලි ක්‍රමයක් කියා කියනවා නම් පිළිම. ගස්, ගල් වලට වැඳුම් පිඳුම් කිරීමත් ගෝත්‍රික ඇදහිලි කියලා කියන්න පුළුවන්. මොකද සමහර ගෝත්‍රිකයෝ අතර එවැනි ඇදහිලි තිබෙනවා.එහෙම කියලා අන්‍ය ආගම් හෑල්ලුවට ලක්කිරීම හොඳ නැහැ (නි)
ඊශ්‍රායලයේ ඔක්කොම මෙහෙම කරපු අයමයි ඉන්නේ. එතකොට ඒ අයත් ගෝත්‍රික ඇදහිලි කරන අයද? (නි)
අනේ අම්මපා අපේ අයටත් තිබෙන ප්‍රශ්න? (නි)
අද කාලේ වෛද්‍ය ක්ෂේත්‍රය බොහොම දියුණුයි (නි)
නදීක සිංහල කෙල්ලෙක් ගෙන් අහල බලපන් (බ)
සියලුම රටවල් මේ ක්‍රියාව ජාති බේදයකින් තොරව කරනවා (නි)
මෙතන අලුතෙන් ලියන උදවිය දැනට භාවිත කරන නම් නැතිව වෙනත් නමක් පාවිච්චි කරන එක ආචාර ධර්ම වලට සුදුසුයි නේද ? මම දැන් අවුරුදු 4 ක සිට මේ නමින් ලියන්නේ . (ස)