IMG-LOGO

2025 පෙබරවාරි මස 17 වන සඳුදා


ජනතා හරසර මැද හියුගෝ චාවේස් ආපසු එයි

කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජනය වී මාස දෙකකට ආසන්න කාලයක් අසාධ්‍ය තත්ත්වයක පසු වූ වෙනිසියුලාවේ සමාජවාදී නායක හියුගෝ චාවේස් පෙරේදා (18) යළි සිය රට පැමිණියේය.
තම ආදරණීය නායකයා යළි දැක ගැනීමට මිලියන හතරකට වැඩි පිරිසක් කැරකස් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළට රැස්ව සිටියේ යැයි වෙනිසියුලානු පුවත් සේවා වාර්තා කර තිබුණි.
කියුබාවේ සිට විශේෂ ගුවන් යානයකින් 58 හැවිරිදි චාවේස්, කැරකස් නුවරට පැමිණියේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ද සමඟය. කියුබාවේ දී ඔහුට ප‍්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් ද ඒ අතර සිටි බව මාධ්‍ය වාර්තා කර තිබුණි.
වෙනිසියුලාවේ පැමිණි පසු චාවේස් එරට හමුදා රෝහලකට ඇතුළත් කළ බව ද වාර්තා වේ. සම්පූර්ණ සුවය ලැබීමට නම් වෙනිසියුලානු නායකයාට තව සති කිහිපයක් රෝහල් ගතව සිටීමට සිදුවේවි වෛද්‍යවරුන් පැවැසූ බව වෙනිසියුලා උප ජනාධිපති නිකලස් මදුරෝ මාධ්‍ය හමුවේ පවසා ඇත.
චාවේස් ප‍්‍රතිකාර ගනිමින් සිටින කාලයේ වෙනිසියුලාවේ පාලන කටයුතු පැවැරී ඇත්තේ උප ජනපතිවරයාටය. ඒ, සඳහා චාවේස් විසින් ඔහුට බලය පවරා දීමක් ද සිදු කර ඇත.
චාවේස්, ඉතා සංකීර්ණ පිළිකා සැත්කමකට භාජන වූයේ ඉකුත් වසර අවසානයේදීය. එම සැත්කම අවදානම් එකක් විය. සැත්කමින් පසු චාවේස් පෙනහළු ආසාදනයකට ද ලක් වී ස්වසන අපහසුතාවකින් පෙළුණේය. එම අවස්ථාවේදී ඔහුව ස්වසන යන්ත‍්‍රයකට සම්බන්ධ කෙරුණි. තවමත් චාවේස්ට කතා කිරීමට නොහැකි අතර, ඔහු ආහාර ගන්නේත් හුස්ම ගන්නේත් බටයක ආධාරයෙනි.
සැත්කමට භාජන වූ අවස්ථාවේදී වෙනිසියුලානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් කියා සිටියේ සැත්කමින් පසු චාවේස් මියගිය බවය. වෙනිසියුලානු රජය එය වසං කළ බවටද චෝදනා එල්ල විය.
චාවේස්ගේ අයපත් සෞඛ්‍ය තත්ත්වය ‘දඬමීමා’ කර ගනිමින් චාවේස්ට ලැබෙන ජනතා සහාය මත නිහඬව  සිටින විපක්ෂ දේශපාලන කණ්ඩායම් උත්සහ කළේ ලැබුණු අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන, අළු ගසා දමා නැගිටීමට යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දුන්හ.
විපක්ෂ දේශපාලන කණ්ඩායම් උසි ගන්වන්නේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් යැයි වෙනිසියුලා රජය චෝදනා කරන්න විය.
චාවේස්ගේ සැබෑ සෞඛ්‍ය තත්ත්වය ජනතාවට හෙළි කිරීමට වෙනිසියුලා රජය කටයුතු කළේ විපක්ෂයෙන් එල්ල වූ චෝදනා හමුවේය. සැත්කමින් පසු මරණාසන්නව සිටි චාවේස්ගේ ජීවිතය බේරා ගැනීමට කියුබානු වෛද්‍යවරු සමත් වූහ.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින යහපත් වන බව ද වෙනිසියුලා රජය ඉන්පසු  නිවේදනය කළේය. පසුගියදා හවානා නුවර ප‍්‍රතිකාර ගන්නා චාවේස් බැලීමට ඔහුගේ දියණියන් දෙදෙනා ගිය අවස්ථාවේ ගත් ඡායාරූපද ප‍්‍රසිද්ධියට පත් කෙරුණි.  
වෙනිසියුලාවේ ඉකුත් ඔක්තෝබර් මාසයේ පැවැති ජනපතිවරණයෙන්, යළිත් වරක් සය වසරක ධුර කාලයක් සඳහා විශිෂ්ඨ ජනවරමක් හිමි කර ගැනීමට චාවේස් සමත් විය.
නව ධුර කාලය සඳහා ඔහු ඉකුත් ජනවාරි 10 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබුණු නමුත් ඒ අවස්ථාවේ රෝහල් ගත ව සිටි නිසා මඟ හැරුණි.
එම අවස්ථාවේ වෙනිසියුලා පාර්ලිමේන්තු කතා නායක ඩියොස්ඩාඩෝ කබෙලෝ ප‍්‍රකාශ කළේ,  ව්‍යවස්ථාවේ 231 වැනි පරිඡේඡ්දයට අනුව, චාවේස්ට පසු දිනෙක ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දිවුරුම් දීමට හැකි බවය. චාවේස්ගේ දිවුරුම් දීම කල් දැමීමට වෙනිසියුලානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද අවසර හිමිවිය.



අදහස් (0)

ජනතා හරසර මැද හියුගෝ චාවේස් ආපසු එයි

සේනානායක Thursday, 21 February 2013 11:11 AM

විශිෂ්ට නායකයෙක්, ඉක්මන්සුව (දී)

:       0       0

ගාලුගේ Thursday, 21 February 2013 01:00 AM

විශ්ෂ්ට නායකයෝ මැරෙන්නේ නැහැ. ඔහු ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ටතම නායකයෙක්.(නදී)

:       0       0

හර්ෂනී Thursday, 21 February 2013 11:32 AM

ලොකෙත්ක පහලවූ විශිෂ්ට නායකයෙක් (දී)

:       0       0

සුදු Thursday, 21 February 2013 11:35 AM

සුභපැතුම් ඔබට (දී)

:       0       0

සිල්වා Thursday, 21 February 2013 01:14 AM

බටහිර රටවල් වලට හිස නොනමන, බුද්ධිමත් ජනතාවක් නියෝජනය කරන  ඔබ ලොව  අග්‍රගණ්‍යයේ  ජන  නායකයෙකි.  ඔබට නිරෝගී සුවය පතමි. (නි)

:       0       0

සඳා Thursday, 21 February 2013 11:35 AM

ඔබට ඉක්මන් සුවය ලැබේවා (දී)

:       0       0

සිල්වා Thursday, 21 February 2013 01:28 AM

නැවතත් ජනතා සේවයට (දී)

:       0       0

සිල්වා Thursday, 21 February 2013 11:58 AM

ලෝකෙටම  ඔබ හොදම ආදර්ශයකි. (දී)

:       0       0

අරුණ Thursday, 21 February 2013 07:42 PM

නියම නායකයෙක්, ඔබට ඉක්මන් සුව.(නදී)

:       0       0

ගම‍ගේ Wednesday, 20 February 2013 05:41 PM

විශිෂ්ට පුද්ගලයින් කිසිදා තනි නොවේ. (නි)

:       0       0

ලාල් Wednesday, 20 February 2013 05:46 PM

මම නම් එයාට කැමති නැහැ. (නි)

:       0       0

හේරත් Thursday, 21 February 2013 03:52 AM

බලය ඇතත් නැතත් ජනතාව ඔහු සමගයි. ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)

:       0       0

සිල්වා Wednesday, 20 February 2013 06:45 PM

ජනතාව පෙල ගැසෙන්නේ නායකයගේ හොද කම නිසයි.(නදී)

:       0       0

සුසිල් Friday, 22 February 2013 12:27 AM

ඔබ ශේෂ්ට නායකයෙක්. ඔබට ඉක්මන් සුවය.(නදී)

:       0       0

විපුලසාර හිමි Sunday, 03 March 2013 10:52 PM

වීරවරයාණෙනි, මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

අමිල Saturday, 23 February 2013 07:37 AM

එතුමා කවදත් ජනතාව අතර ජනප්‍රියයි. (නි)

:       0       0

අමර Thursday, 21 February 2013 02:32 PM

ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් තිදෙනකුට නිදහස
2025 පෙබරවාරි මස 16 118 0

ඊශ්‍රායල ජාතික ප්‍රාණඇපකරුවන් තිදෙනකු වන ඇලෙක්සැන්ඩර් ටෘෆනොව්, සගුයි ඩෙකල්-චෙන් සහ යායර් හෝන් නමැති තිදෙනා නිදහස් කිරීමට ගාසා හමාස් සංවිධානය තීරණය ක


නවද්ලිලි දුම්රිය ස්ථානයේ තෙරපීමක්
2025 පෙබරවාරි මස 16 91 0

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දුම්රිය ස්ථානයේ හටගත් තෙරපීමකින් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය පිරිස අතර කාන්තාවන් 10 දෙනකු සහ කුඩා දරුවන් සිවු දෙනකු ස


මංගල පෙරහරේදී මනාලයා මැරී වැටිලා
2025 පෙබරවාරි මස 16 161 1

ඉන්දියාවේ මංගල පෙරහරක යමින් සිටි මනාලයකු හිටිහැටියේ මියගොස් ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව මරණයට හේතුව හෘදයාබාධයකි. මෙම පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ


මූද මතුපිටට ආ අමුත්තා
2025 පෙබරවාරි මස 16 117 0

පසුගිය ජනවාරි 26 වැනිදා ස්පාඤ්ඤයේ කැනේරි දූපත්වලට ඔබ්බෙන් මුහුදේ ගවේෂණයක යෙදෙමින් සිටි විද්‍යාඥයන් පිරිසකට අමුත්තකු හමුවිය. මේ අමුත්තා, ඇන්ග්ලර් Humpback An


රාජ්‍ය ලේකම්වරයාගේ යානය ආපසු හැරේ
2025 පෙබරවාරි මස 14 396 0

ජර්මනියේ, මියුනිච් නුවර ආරක්ෂක සමුළුට යමින් සිටි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ රැගත් ගුවන් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ආපසු හැරවිණි.


කොරියාවේ ඉදිකරන හෝටලයක ගින්නක්
2025 පෙබරවාරි මස 14 107 0

දකුණු කොරියාවේ බූසාන් නුවර, ඉදි කරමින් පවතින හෝටල ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් 6 දෙනකු මියගිය බවත්, 35 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 298 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 145 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 984 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site