IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


චිලියට අලුත් ජනාධිපතිවරයෙක්

වාමාංෂික දේශපාලන නායක 35 හැවිරිදි ගැබ්‍රියේ බොරික්, චිලී ජනාධිපති ධුරය ට පත් විය. ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යෙය් ළාබාලතම ජනාධිපති වනු ඇත්තේ ද ගැබ්‍රියේ බොරික් ය.

පසුගිය වසර කීපයේ රජයේ දූෂණ වංචා හෙළි කරමින්, ජනතාව දැනුවත් කළ ශිෂ්‍ය සංගම් නායකයකු ලෙස ද ගැබ්‍රියේ බොරික් ප්‍රකටය.

අද (20) ඡන්ද ප්‍රතිඵල සියයට 99 ක් නිකුත් වෙද්දී, ගැබ්‍රියේ බොරික්, සියයට 56 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගෙන සිටියේය.

බොරික් ට අභියෝගයක් වූ දක්ෂිණාංශික අපේක්ෂක හොසේ ඇන්තෝනියෝ කාස්ට් හිමි කර ගත්තේ සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

චිලී ජනාධිපතිවරණය පැවැත්වූයේ සෙබස්තියන් පිනේරා ධුරයෙන් සමු ගැනීමත් සමගය. පිනේරා නියෝජනය කරමින් ඔහුගේ කොන්සවර්ටිව් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ඇන්තෝනියෝ කාස්ට් ය.

පිනේරා  බිලියනපති ව්‍යාපාරිකයෙකි. බොරික් ජයගත් සැණින්, පිනේරා වීඩියෝ පණිවුඩක් හරහා ඔහුට සුබ පැතුවේය. ආණ්ඩුමාරු වීම සාමකාමීව සිදු කිරීමට තමන්ගේ පූර්ණ සාහාය ලබා දෙනවා යැයි ද පිනේරා අවධාරණය කළේය.

(රොයිටර්)



අදහස් (1)

චිලියට අලුත් ජනාධිපතිවරයෙක්

සුජීව Monday, 20 December 2021 05:38 PM

මේක ඉතාම හොඳ ප්‍රවණතාවයක්. චාවේස් ලූලා වගේ අයගෙන් පස්සේ දකුණු ඇමෙරිකාව ආයෙත් වමට කැරකෙන්න පටන් අරන්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 234 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site