
චීනයේ ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරු දැරියන්ට ලබා දෙන 'ගෙදර වැඩ' අඩු කිරීමට චීන රජය නව නීති සම්මත කර තිබේ. චීන රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමක් සිදු කර ඇති අතර, මෙය එහි තවත් පියවරක් බව පැවැසෙයි.
මීට පෙර පසුගිය අගෝස්තුවේ චීන රජය තීරණය කළේ එරට අවුරුදු 5 ත් 7 ත් වයස් කාණ්ඩයේ දරුවන් සඳහා ලිඛිත විභාග පැවැත්වීම නොකළ යුතු බවය. ඒ කුඩා දරුවන්ගේ මනසට පීඩනයක් එල්ල වන වීම වළක්වනි.
පාසලෙන් පසු නිවසේදී කිරීමට ලබාදෙන පාඩම් ක්‍රියාකාරකම් අඩු කිරීම සඳහා චීන රජය නව නීති සම්මත කර ඇත්තේ ද කුඩා දරුවන් අධික ලෙස වෙහෙසට පත් කිරීම අනවශ්‍ය බව පෙන්වා දෙමිනි.
දරුවන්ට විවේක ගැනීම සහ ව්‍යායාම කිරීම සඳහා සාධාරණ කාලයක් ලබාදෙන ලෙසත් අන්තර්ජාලයේ වැඩි කාලයක් ගත කිරීමට ඉඩ නොදෙන ලෙසත් චීන අධයාපන බලධාරීන් දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත. මීට අමතරව, අන්තර් ජාල වීඩියෝ ක්‍රිඩා වල නිරත විය හැකි කාලය පැයකට සීමා කිරීමටද එරට බලධාරීන් කටයුතු කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන පාසල් දරුවන්ට ගෙදර වැඩ අඩු කෙරේ
ලලිත් අම්බලන්ගොඩ Wednesday, 27 October 2021 09:33 AM
ලංකාවේ දරැවන්ට ගෙදර වැඩ දුන්නහම ඒව කරව ගන්න වෙනම ටියුෂන් පංති තියෙනව.මොකද සමහර අම්මල තාත්තලට ඒව තේරෙන්නෙ නැහැ.ලංකාවේ අම්මල මේ තත්වයට පත්කරල තියෙන්නෙ අධ්‍යාපන දෙපාර්තමේන්තුව තමයි.දකුණු පළතෙ හිටපු අධ්‍යාපන ඇමති රාසපුතට තිබුණ පුදුම පතිඵල දොලදුකක්.එයාගෙ දොලදුක සන්සිදුවන්න දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ එම අමාත්‍යාංශ්‍ය නොකරපු දෙයක් නැහැ.කෝටි ගණන් වියදම් කලා.ඒ වගේම ගසා කෑවා.මම කැමතියි පරීක්ෂණයක් කරනව නම් ඉදිරිපත් වෙලා සාක්ෂි දෙන්න.දකුණු පළාතේ අපරාධ කරැවන් වැඩිවීම සම්බන්ධයෙන් රාසපුත ඇතුලු අධ්‍යාපන බලධරයින් වගකිවයුතුයි.පරීක්ෂණයක් කරනව නම් මම ඉදිරිපත් වෙනව.මම අම්බලන්ගොඩ.හිටපු විදුහල්පතිවරයෙක්.මගේ සේවය අහිමි කරලයි තියෙන්නෙ.ඒත් කියන්නෙ ඇත්ත.මහ ඇමතිගෙ රූපයක් මගේ ගෙදරත් තියෙනව.ශිෂ්‍යත්වෙ පාස් වෙච්ච දරැව ඒක්ක එකට ගහපු.ඒත් මට දුක ඒ දරැවට උගන්වපු එක ගුරැවරයෙකුගෙ වත් පොටෝ එකක් අපේ ගෙදර නැහැ.මගේ දරැව ඉන්න නිසා මට විසිකරන්න බැරි කමට දැන් ඒක අයිනකට දාල තියෙනව.මේව තමයි මුං කලේ.ඒනිසා දැන් චීනෙන් වත් උපදෙස් ගනිල්ලා. අනාගතයේ රටට වැඩදායී දරැපරපුරක් බිහි කරගන්න.දකුණ කණ මුන්ට හෙණ හත වැදීයන්.
ලලිත් ජයවීර - අම්බලන්ගොඩ Wednesday, 27 October 2021 09:54 AM
ලංකාවේ මෙහෙම සමීක්ෂණයක් කරල නැතිව ඇති. අඩුම තරමින් පසුගිය වසර 10 තුල දකුණු පළාතෙන් අ.පො.ස සාපෙල විභාගයට පෙනී සිටි දරැවන් සංඛ්‍යවත් හරි හැටි කියන්න තොරතුරැ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුව නොමැති බව සදහන් ලිපියක් මා ලග තියෙනවා.තොරතුරැ දැන ගැනීමට ඇති අයිතිවාසිකම පිළිබද පනතට අනුව තමයි මට එහෙම ලිිපියක් එවල තියෙන්නෙ.ඉතිං එහෙම තත්වයක් තුල යන්නෙ කොහේද කියලවත් දකුණු පළාත් අධ්‍යාපන බලධරයින් දන්නෙ නැහැ.පරීක්ෂණයක් කරන්න. මම ලැහැස්තියි ඒ ලිපිය ඉදිරිපත් කරන්න.