පෘථීවියෙන් කිලෝමීටර 300ක් පමණ ඉහළින් සිට චීනයේ ප්‍රථම වීඩියෝ දේශනය සිදු කිරීමට චීන කාන්තා ගගනගමි වැං යැපින් සමත් වී ඇතැයි වාර්තා වේ. ලිවූ යැංග්ගෙන් පසු චීනයේ දෙවැනි ගගනගාමී කාන්තාව වැං යැපිං (33) ය.
ටියැංගොං 1 අභව්‍යකාශ යානයේ සිට බ්‍රහස්පතින්දා පෙරවරු 10 සිට ඇය මෙම භෞතික විද්‍යා දේශනය සිදු කර ඇත. හය කෝටියකට අධික චීන සිසුන් සහ ගුරුවරුන්ගේ පළමු අභ්‍යවකාශ දේශනයක අත්දැකීම මෙයයි.
මෙම දේශනය චීනයේ සෑම පාසලකම රූපවාහිනී සහ ගුවන්විදුලි මධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය කිරීමට එරට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගත්තේය. චීනයේ බෙයිජිං නගරයේ රෙන්මින් සරසවියට රැස්වූ සිසුහු 330ක් පමණ විශේෂ පන්තිකාමරයක සිට ඇය හා සජීවීව සම්බන්ධ වී ඇයගෙන් ප්‍රශ්න ඇසීමටද අවස්ථාව ලබා ගත්හ.
ගුරුත්වාකර්ෂණ ශක්තිය නොමැති පාරිසරික තත්වයක සිට ඇය කරන ලද මෙම භෞතික දේශනයෙන් බර, ස්කන්ධය, ගුරුත්වාකර්ෂණය සහ නිව්ටන්ගේ නියමයන් පිළිබදව සිසුන්ට මනා අවබෝධයක් ලබා දීමට උපයෝගී වූ බව විදෙස් වාර්තාවල දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවට පමණක් කළහැකි දේවල් මේවා,යැයි සිතනා අයට හොද නිදසුනක්.චීනාගේ වැඩ තව ඉදිරියේදී බලාගත හැකියි.ආසියාතිකයකු හැටියට මමද චීනාට සුභපතමි. (නි)
කාන්තාවක් අභ්‍යවකාශ ගතවීම, රූපාවහිනී විකාශනයක් කිරීමට වඩා වැදගත් වන්නේ සජීවී ලෙස රටේ සිසුන් හා සම්බන්ධ වීමයි. විෂය හැදෑරීමට මොන තරම් කැපවීමක් කර ඇත්ද?ලෝක වාර්තාවක්ද වියයුතුයි. දැනට අපේ රටේ විනයක් ඇතිව අධ්‍යාපනය හදාරන කොතලාවල පීඨයෙන්වත් සිසුන්ට ලොවේ උසස්ම තාක්ෂණ විෂයන් හැදෑරීමට අවස්ථාව සලසා දීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමුවේවා . (නි)
විශිෂ්ට සහ අලුත්ම දෙයක්. සුබ පැතුම්. අලුත් අලුත් දේවල් සොයන ජාතින් දියුණුව කරා පියමන් කරනවා. අපෙත් හොඳ මොළ තියෙනවා මේ වගේ වැඩ ගන්න පුළුවන්. නිසි ක්‍රියා මාර්ග අවශයි මෙවන් දේ සඳහා.(ස)
නියමයි තමයි. හැම කාක්තාවකටම ආඩම්බරයක්.(නදී)
අපේ රටෙනුත් චන්ද්‍රිකාවක් යැව්වා කියල කිව්වා .... 2015 රෝකෙට් එකක් යවනවා කිව්වා ... අනේ මම දන්නේ නෑ, කවුරු රවටනවද කවුරු රැවටෙනවාද කියන්න. (ස)
එයාට මගේ සුභ පැතුම්! (නි)
සදරුවන් එහෙ මරන්නේ නැහැ ගබ්සා අනිවාරියයි.(අ).
මිලියන ගණන් මිනිස්සු නොමරා දෙයියන්ගේ නාමයෙන් අනුන්ගේ බෙලි නොකපා දුක්මහන්සියෙන් දියුණුවෙන චීනයට ජයෙන් ජය !(ස)
අරලිය ගහ මන්දිරයේ තිබුන සජීවී විකාශනයක් මම ඒකෙන් බැලුවා. ප්‍රශ්නත් ඇහුවා. මගේ දැනුම දැන් ටිකක් හොදයි.(නදී)