චිනයේ ජියැන්සු පළාතේ රසායනික කම්හලක පිපිරීමකින් පුද්ගලයන් හත්දෙනකු මියගොස් පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
කර්මාන්තශාලාවෙන් පිටත අංගනයේ නවතා තිබූ ඉවත දමන ලෝහ කැබලි සහිත කන්ටේනරයක් පුපුරායාමෙන් හටගත් ගින්න කර්මාන්තශාලාවට ද පැතිරී ගිය බවද බලධාරීහු සඳහන් කරති.
මෙය මැග්මෙනීසියම් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන කර්මාන්තශාලාවක් වන අතර කර්මාන්තශාලා දහසකට අධික සංඛ්‍ය පවතින කර්මාන්තපුරයක මෙම කර්මාන්තශාලාව පිහිටා ඇත.
මෙය මෙම මාසය තුළ සිදුවූ දෙවන පිපිරීම වන අතර පිපිරුමෙන් පසු කර්මාන්තශාලාවල ආරක්ෂාව සම්බන්ධව දීපව්‍යාප්ත පිරික්සුම් ක්‍රියාවලියක් ආරම්භ කිරීමට ද රජය තීරණය කර ඇතැයි බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd