චීනයේ සීචුවැං පළාතේ කර්මාන්ත ප්‍රදේශයක සිදුවු පිපිරීමක් හේතුවෙන් 19 දෙනකු මියගොස් 12දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ඝන දුමාරයක් සහ ගිනි දැල් අහසට විහිදුන බවත් තෙමහල් ගොඩනැගිල්ලක් දැවී අළු වී ගිය බවත් බලා සිටි අය පවසා ඇත.
රසායනික කර්මාන්ත ශාලාවක පිපිරුම සිදුවී ඇති අතර එයට හේතුව අනාවරණය වී නොමැති බවත් බලධාරීහු පවසති.
මෙහි ඖෂධ හා ආහාර සඳහා අවශ්‍ය වන රසායනික නිපදවෙන බව පැවසේ.
චීනයේ සිංෂුවා රාජ්‍ය ප්‍රවෘත්ති සේවය පවසන්නේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි.
ටියෑංජින්හි රසායනික කම්හලක 2015 වර්ෂයේ සිදුවූ මෙවැනි පිපිරීමකින් 165දෙනකු මියගියහ.
(රොයිටර් ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.