චීනයේ ඊසානදිග හේයිලොංජියැන්ග් පළාතේ ගල් අඟුරු පතලක සිදුවූ ගිනිගැනීමකින් 21දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. අතුරුදන්ව සිටින එක් පුද්ගලයෙක් සෙවීමේ කටයුතු තවදුරටත් සිදුවේ.

ගිනිගැනීම සිදුවන අවස්තාවේ  38දෙනකු පතලේ සේවය කරමින් සිට ඇති අතර ඔවුන්ගෙන් 16දෙනකු දිවි බේරා ගැනීමට සමත්ව ඇතැයි වාර්තාවේ. ගින්නට හේතුව තවමත් සොයාගෙන නැති බවත් ගිනිගැනීම පාලනය කිරීමට සමත් වූ බවත් බලධාරීන් ප්‍ර‍කාශ කරයි.

ලෝකයේ භයානකම ගල්අඟුරු පතල් පිහිටා තිබෙන්නේ චීනයේය. ඒවායේ සිදුවන අනතුරු වලින් වසරකට සිය ගනනක් මිනිස්සු මිය යති.