චීන ප්‍රහාරක ජෙට් යානයක් පියාසර කරමින් තිබූ ඇමෙරිකා නාවික හමුදා ගුවන් යානයකට අඩි 20ක් දක්වා ලංවී ගමන් කිරීම හේතුවෙන් ධවල මන්දිරය සිය කනස්සල්ල පළකැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීන මුහුදේ චීනයට අයත් හයිනම් නමැති දූපතට සැතපුම් 135ක් නැගෙනහිර දෙසින් මෙය සිදුව ඇතැයි පෙන්ටගනය පවසයි.
මෙය අන්තරාදායක හා වෘත්තීය නොවන ක්‍රියාවක් බව පවසන ඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක රියර් අද්මිරාල් ජෝන් කර්බි කියා ඇත්තේ චීන ප්‍රහාරයක ජෙට් යානය ඇමෙරිකානු නාවික හමුදාවට අයත් පොසෙඩොන් මුර යානය අසළින් තෙවරක් ගමන් කැර ඇති බවයි.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කියා ඇත.
‘‘ ඔවුන් අපේ යානයට ඉතා සමීප වි තිබෙනවා. අවස්ථා තුනක් මේ ආකාරයට ගමන්කැර ඇත්තේ ඔවුන් ආයුධ සන්නද්ධව සිටින බව පෙන්වීමට මෙන්. “
ඇමරිකාවේ ජාතික ආරක්ෂාව පිලිබඳ නියෝජ්‍ය උපදේශක බෙන් රොඩෙස් පවසා ඇත්තේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් චීන රජය වෙත කෙලින්ම ඇමරිකානු රජයේ විරෝධතාවය පළකල බවයි.
ඇමෙරිකාව හා චීනය අතර ඇති හමුදාමය බැඳීම වඩාත් හිතකර ආකාරයට වර්ධනය කිරිමට උත්සාහ දරණ අවස්ථාවක මෙවැනි නොහික්මුණු ක්‍රියා මගින් ඒ තත්ත්වය විනාශ වී යන බව ද රොඩෙස් කියා ඇත.
2011 අප්‍රේල් මාසයේ දී ඇමෙරිකාවට අයත් ගුවන් යානයක් චීන ප්‍රහාරක යානයක ගැටීම හේතුවෙන් ඇමෙරිකා යානය හයිනම් ගුවන් පථයට හදිසියේ ම ගොඩ බැස්සවීමට සිදුවූ බව කියමින් වරක් ඇමෙරිකාව චීනයට දොස් පැවරුවේය. ඒ සිද්ධිය සම්බන්ධයෙන් චීනය ඇමෙරිකාවට දොස් පවරමින් කියා ඇත්තේ තම ප්‍රහාරක යානය දකුණු චීන මුහුදට කඩා වැටී ගුවන් නියමුවා මියගිය බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනය ලෝක සිතියමෙන් මකා දමන්න වේවිද (නදී)
චීනය නිදා සිටින යෝදයෙකු වැනිය. අවදි වූ විට මිනිසුන් නැගිට එන්නේ සිය ගණනින් නොව ලක්ෂ ගනනිනි (නදී)
ඇයි ඇමරිකානුවන් චීනයට ඔයතරම් ආසන්නයට ගියේ? ඇමරිකානුවෝ හිතන්නේ ඔවුන්ට ඕනෑ හැමදේම කරන්න පුළුවන් කියලා. චීනය මෙහෙම කළ එක හොඳයි. ඇමරිකාවට පුලුවන්නම් රුසියාවයි, චීනයටයි දෙකටම එකපාරට ගහන්න, එයාලා ඒක කරනවා. බැරිනිසා තමයි, අප්‍රසාදය පළකරන්නේ. එයාලා දන්නවා චීනය කියන්නේ නිදාසිටින යෝධයෙක් වග. (නි)
චීනය තමයි අපේ රටට සුහදව වැඩකරන්නේ, අනෙක් රටවලට වඩා. (නි)
සේරම්, චීනය නෙමෙයි මකා දමන්න අවශ්‍ය, ඇමරිකාව. (නි)
හොඳ වැඩේ, අනුන්ගේ රටවලට මුහුදු උඩින් ගිහින් සෙල්ලම් දාන්න යනවට. (නි)
චීනය අවදිකිරීම යනු නිදාසිටි යෝධයෙක් අවදිකරගත්තා වැනිය (නි)
ආසියාවේ ශක්තිය බටහිර රටවලට පෙන්නුම් කිරීමත් එක්තරා වටිනාකමක්... ටිකක් බයකරන්න . (අ)
ගාමිණී, බය කරන්න නෙමෙයි. ඇමෙරිකාව ගහයි, රුසියාවයි චීනයයි එකට තියලා (නි)
ඔහොම ළඟින් ගියා කියලා චීනයට මොනවද ලැබෙන්නේ? ශක්තිය පෙන්වන්න නම් අර මැදපෙරදිග මරාගන්න අය ටික මෙල්ල කරන්න. (නි)
චීනය කියන්නේ "අපිත් එක්ක සෙල්ලම් කරන්න එපා...." කියන දේයි. ඒක ඇමෙරිකාව වරදවා වටහාගෙන වගෙයි! (නි)
චීනය හොදටම දන්නවා මෙයාලගේ වැරදුණ මිසයිලයකට ගොදුරුවෙලා තමයි මැලේසියන් යානයේ හිටි චීන ජාතිකයන් අතුරුදන් වුණේ කියලා.ඔහොම පිටිපස්සෙන් පන්නලා එයාලා කරන දේවල් බලාගෙන එන එක ගොඩක්ම හොඳයි. ඇමරිකාව චීන දුපත්වල අයිතිය බලෙන් ලබාගෙන ,ආසියාවේ එයාලගේ යුධ ශක්තිය වර්ධනය කරගෙන, ආසියාවේ තෙල් බලවතුන්ව පාලනය කරගන්න දඟලනවා. (නි)
චීනය අපට ලොකු ආඩම්බරයක් ආසියාවේ රටක් වශයෙන් සහ බලවත්කමින් කාර්මික ආර්ථික සහ යුධමය වශයෙන්. (නි)
මට මතක විදියට, එංගලන්තේ අගමැතිවරයෙක් තමයි බොහෝ ඉස්සර කියා තිබුනේ "චීනය නිදාසිටින කොටියෙකු වැනියි, ඌ ඇහැරවන්න එපා " කියලා. (නි)