ලබන වසරේදී අඟහරු වෙතට මිනිසුන් රහිත යානයක් යැවීම සඳහා චීනය ක්‍රියාත්මක කරමින් පවතින මෙහෙයුමට අදාළව පර්යේෂණ යානයක් උතුරු දිග හෙබෙයි පළාතට සාර්ථකව ගොඩබස්වා ඇතැයි වාර්තා වේ. 

බීජිං නගරයට වයඹ දිගින් හුයිලායිහිදී සකස් කරන ලද, අඟහරු ග්‍රහයාට සමාන භූමි ප්‍රදේශයකට යානය ගොඩබස්වා ඇත.

චීනයේ පළමු අඟහරු ගවේෂණ මෙහෙයුම 2020 වර්ෂයේදී නියමිත පරිදි සිදුවනු ඇති බවත් පර්යේෂණ මෙහෙයුම එම ක්‍රියාවලියේ තීරණාත්මක අංගයක් වන බවත් චීන බලධාරීහු පවසති.

චීනය මේ වන විට අඟහරු මෙහෙයුම්, සඳ ගවේෂණ මෙහෙයුම් සහ ග්‍රහක ගවේෂණ මෙහෙයුම් ඇතුළු ප්‍රධාන අභ්‍යවකාශ මෙහෙයුම් ගනනාවක් ක්‍රියාකාරීව සැලසුම් කරමින් සිටින බව එරට අභ්‍යවකාශ පරිපාලන ප්‍රධානී පවසයි.

රුසියාව හා ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් හා තරග කර වර්ෂ 2030 වනවිට ලෝකයේ ප්‍රධාන අභ්‍යවකාශ බලවතකු වීමට චීනය අපේක්ෂා කරන බවද සඳහන් වේ.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)