IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


චීනය, අඟහරු මෙහෙයුමේ පර්යේෂණ යානය සාර්ථකව ගොඩබස්වයි

ලබන වසරේදී අඟහරු වෙතට මිනිසුන් රහිත යානයක් යැවීම සඳහා චීනය ක්‍රියාත්මක කරමින් පවතින මෙහෙයුමට අදාළව පර්යේෂණ යානයක් උතුරු දිග හෙබෙයි පළාතට සාර්ථකව ගොඩබස්වා ඇතැයි වාර්තා වේ. 

බීජිං නගරයට වයඹ දිගින් හුයිලායිහිදී සකස් කරන ලද, අඟහරු ග්‍රහයාට සමාන භූමි ප්‍රදේශයකට යානය ගොඩබස්වා ඇත.

චීනයේ පළමු අඟහරු ගවේෂණ මෙහෙයුම 2020 වර්ෂයේදී නියමිත පරිදි සිදුවනු ඇති බවත් පර්යේෂණ මෙහෙයුම එම ක්‍රියාවලියේ තීරණාත්මක අංගයක් වන බවත් චීන බලධාරීහු පවසති.

චීනය මේ වන විට අඟහරු මෙහෙයුම්, සඳ ගවේෂණ මෙහෙයුම් සහ ග්‍රහක ගවේෂණ මෙහෙයුම් ඇතුළු ප්‍රධාන අභ්‍යවකාශ මෙහෙයුම් ගනනාවක් ක්‍රියාකාරීව සැලසුම් කරමින් සිටින බව එරට අභ්‍යවකාශ පරිපාලන ප්‍රධානී පවසයි.

රුසියාව හා ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් හා තරග කර වර්ෂ 2030 වනවිට ලෝකයේ ප්‍රධාන අභ්‍යවකාශ බලවතකු වීමට චීනය අපේක්ෂා කරන බවද සඳහන් වේ.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (9)

චීනය, අඟහරු මෙහෙයුමේ පර්යේෂණ යානය සාර්ථකව ගොඩබස්වයි

රවින් Friday, 15 November 2019 09:21 AM

ෂුවර් එකටම වැඩේ කරයි. මේ ගොල්ලෝ ඇමරිකාව වගේ බොරු සෝබන දන්නේ නැහැ. වැඩේ කරලා ඉවර කරලා කියයි ඕන් අපි මේ දේ කළා කියලා.1000 ක් දෙනා ඕනේ තැනට 10000 ක් හරි යොදවලා නියමෙටම කරයි.

:       615       126

beau Friday, 15 November 2019 10:58 AM

බොරු කයිවාරු ගහනවා පමණයි.

:       70       356

රවින් Friday, 15 November 2019 11:58 AM

කවුද? කොයි රටද? චීන ඉතිහාසය දිහා බැලුවත් හොඳ හැටි තේරෙයි. ඔබ අපි කවුරුත් භාවිතා කරන ජංගම දුරකථන තාක්ෂණය ඇමරිකාවේ 3G සමහර නගරවල 4 G , චීනයේ 5G. ඔන්න වැඩ...

:       471       137

amaraSaturday, 16 November 2019 07:12 AM

නොරටුන්ට දත නියවති සිහලා...

:       36       21

rasika Friday, 15 November 2019 08:21 PM

චීනය වේගයෙන් දියුණු වෙනවා. හැම ක්ෂේත්‍රයකම වගේ ඒ දියුණුවන් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපි පක්ෂවලට බෙදිලා මරා ගන්නකොට චීනයේ එක නීතියක්, එක රටක්, එක ජනතාවක්, එක භාශාවක් විදියට නැගී සිටිනවා. ඔවුන් ශක්තිමත්. අපිට ඔවුන්ගෙන් ඉගෙනගන්න දේවල් බොහොමයක් තියෙනවා. චීනය ලෝකයේ ඉදිරියට එනවා. අපි බලන්න ඕනේ ඒවගේ රටක් එක්ක හොදින් ගනුදෙනු කරන්න. චීන වෙළදපොල පුළුල් වෙනවා දිනපතාම. අපි බලන්න ඕනේ අපිට මොනවද චීනයට අපනයනය කරන්න පුළුවන් කියලා. යුරෝපයේ රටවල් බලන්නේ චීනයට නිෂ්පාදන අපනයනය කරන්නේ කොහොමද කියලා. ඔස්ට්‍රේලියාව 40% ක් වෙළදාම කරන්නේ චීනෙත් එක්ක.

:       17       33

Jayantha Friday, 15 November 2019 11:36 PM

අනුන්ගේ දේවල් ගැන කෑ නොගහ තමන්ගේ රටට වෙඩක් කරපල්ලා...

:       1       12

දිමියා Saturday, 16 November 2019 01:29 PM

චීනෙ වගේද අපි? ග්‍රහලෝක නවයෙම කෙරුවාවල් හොඳට දන්නවා..

:       0       14

vidya Saturday, 16 November 2019 08:08 PM

ලංකාවේ සාස්තරකාරයෝ, කේන්දරකාරයෝ මොකද මේ ගැන කියන්නේ? සද්දයක් නැ වාගේ.

:       0       10

Rasika Pradeep Monday, 18 November 2019 07:42 AM

වෙලාවට එහෙ ජවිපේ නැත්තෙ. හිටියනම් ඕව කරයි. අපිට කවාද යන්න වෙයිද දන්නේ නෑ නේද ? අගහරු වලට,හදට යනවා තිය මේ රනිල්ව ගෙදර යවාගන්න දගලන දැගලිල්ල පේනවනේ නේද ?

:       72       100

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 37 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site