චීන අභ්‍යවකාශ ඉතිහාසයේ උඩු ගුවනට ගිය පළමු කාන්තාවවීමේ ගෞරවය ලියු යෑං (33) හිමිකර ගත්තාය. පෙරේදා (16) ඇරඹි සෙන්ෂෝ-9 අභ්‍යවකාශ ගමනට එක්වීමත් සමඟ ඇයට මේ ගෞරවය හිමිවිය.
චීනය මිනිසකු යොදාගෙන සිදු කළ සිවුවන අභ්‍යවකාශ ගමන ලෙස මෙය සැලකේ. ගගනගාමීන් තිදෙනකු රැගත් මෙම යානය ගෝබි කාන්තාරයේ පිහිටි ජියුකුවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගමන් ඇරඹීය.
ලියු යෑං චීනයේ මහජන විමුක්ති හමුදාවේ ගුවන් නියමුවරියක් ලෙස කටයුතු කරමින් සිටින අතරතුර 2010 වසරේදී ගගනගාමියකු ලෙස තෝරා ගෙන ඇත. චීන අභ්‍යවකාශ වැඩසටහනේ නිලධාරියකු පැවැසුවේ ලියු යෑං සියලූ පුහුණුවීම් ලැබූයේ චීනය තුළ දී බවයි.
මෙම යානය අභ්‍යවකාශයේ රඳවා ඇති ටියැගොන් -1 යානය හා සම්බන්ධවීමට නියමිතය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන බලාපොරොත්තු ඉටු වෙනවා නිසැකයි.ලෝක අනාගතය වෙනුවෙන් චීනය දක්වන දායකත්වය විශාලයි
"නිදාගත් රතු මකරා අවදි වෙමින් සිටියි...."
ඒක නම් ඉතාමත් හොදයි..!!
"සෙන්ෂෝ - 9"... මෙහි තේරුම "කිමිදුම් නෞකාව" යන්නයි. චීන අජටාකාශ බලධාරීන්ට තිබෙන ඉහළම බලාපොරොත්තුව ඔවුන්ටම කියා අජටාකාශ මධ්‍යස්ථානයක් හිමිකර ගැනීමයි. එම ඉලක්කය 2020 දී සපුරා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. "සෙන්ෂෝ - 9" අජටාකාශ ගත කිරීම එහි ආසන්නම පියවරයි. පළමු වරට චීන ජාතික කාන්තාවක් අජටාකාශයට යන්නෙත් මෙම යානාවෙන්. මීට පෙර මේ අවස්ථාව කාන්තාවන් 56 දෙනෙකු විසින් හිමිකරගෙන තිබෙනවා. ඇමෙරිකානු ජාතික කාන්තාවන් 46 ක්, රුසියානු කාන්තාවන් 3 ක්, කැනේඩියානු කාන්තාවන් 2 ක්, හා ජපන් ජාතික කාන්තාවන් 2 ක් වශයෙන්. ජාතීන් 16 ක් සතු අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සාමාජිකත්වය චීනයට නොලැබී ගියාට පසු 2000 වසරේ සිට ඔවුන් තමන්ටම කියා මධ්‍යස්ථානයක් තනා ගැනීමේ කටයුතු ඇරඹුවා. චීන්නු එහෙමයි.
ගැහැණියකට ලොව කරන්න බැරි දෙයක් නැත .ඇය ලොවට හඬගා කියයි...