අළුත්ම සාක්ෂියක් මගින් පෙන්වා දෙන්නේ අපේ චන්ද්‍රයා නිර්මානය වූයේ පෘථිවිය ග්‍රහකයක් ගැටීමෙන් බවයි. එය අදින් වසර බිලියන 4.5 කට පෙර සිදුව ඇත.
අභ්‍යවකාශගාමින් වසර පනහකට ආසන්න කාලයක් ඇපලෝ 11, 12, සහ16 සඳ ගමන් වලදී හඳෙන් එකතු කරණ ලද පාෂාණ වර්ග ජර්මානු විද්‍යාඥයින් විසින් අධ්‍යනය කරනු ලැබීය.
මොවුන් පවසන්නේ තීආ නැමැති විශාල වස්තුවක් පෘථිවියේ ගැටීම මගින් හඳ ඇතිවූ බවයි. ඔවුන්ගේ මතය වන්නේ මේ ග්‍රහකය අඟහරු තරම් විය හැකි බවයි. මෙම මතය යෝධ ගැටුමක උපකල්පිතයක් බව හදුන්වා ඇත.
මෙම කල්පිතය මගින් ඉදිරිපත් කර ඇත්තේ පෘථිවිය සමග කෙලින්ම නොගැටුනු වෙනත් තාරකා විද්‍යාත්මක වස්තුවක ඉතිරිවූ සුන්බුන් මගින් ආසන්න වශයෙන් වසර 4.5 කට පෙර චන්ද්‍රයා සැකසුනු බවයි.
මෙම ගැටුනු වස්තුව තීආ ලෙස හඳුන්වා ඇත. විද්‍යාඥයින් විසින් විවිධ වර්ගයේ අම්ලකර පරමාණු විශ්ලේෂණය කල අතර එවිට සොයාගෙන ඇත්තේ හඳේ පාෂාණ පෘථිවියේ පාෂාණ වලට වඩා වෙනස් සංයෝගවලින් සැදුම් ලත් බවයි. මේ ගැටිම සම්බන්ධ කල්පිතයට හේතුව වී ඇත්තේ එම සංයෝග දක්වන වෙනස් ස්වභාවයයි. විද්‍යාඥයන් පවසන්නේ චන්ද්‍රයාගේ එම වස්තුවේ හා පෘථිවියේ සංයෝග සියයට 50ට 50 මිශ්‍රව ඇති බවයි.
බොහෝ මිනිසුන් විශ්වාස කරන්නේ යෝධ ඝට්ටන කල්පිතය බව යැයි මෙම අධ්‍යයනයේ ප්‍රධානි ජර්මනියේ ගොටින්ජන් හි ජෝර්ජ් ඕගස්ට් විශ්ව විද්‍යාලයේ භූවිද්‍යාඥ ඩැනියෙල් හර්වට්ස් පවසයි. මෙම අදහස විස්තර කිරිමට අවසන් බාධාව නිරාකරණය කළ බව ඩැනියෙල් පවසයි. මෙම අධ්‍යනය විද්‍යා ජර්නලයේ ප්‍රසිද්ධ කර තිබේ.





COMMENTS
සමහරු කොහොම කිවුවත් ඇත්ත පිළිගන්නේ නැහැ. (නි)
ඉරයි හඳයි බිහි කළෙත් අපේ මැති ඇමතිවරුම තමයි, අපිට නම්..... කවුරුවත් බොරුවට රණ්ඩු කරගන්න එපා. (නි)
ජනවහරින් බිහිවූ මෙම අලංකාර කතාන්දර පසු කලක ලේඛන ගතවෙන්නේ සාහිත්‍යමය රසයත් සමඟින් පැරණි ග්‍රීක කතා ලෙසය. සියවස් ගණනාවක් කල් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන ආ මෙම මත වලට එරෙහිව යන්න බොහෝ දෙනෙක් අදටත් බියවෙති. විද්‍යාත්මක මත ඉදිරිපත් වෙන්නේ සෑමවිටම උපකල්පන වශයෙන් වුවත් එය තහවුරු කිරීමට කරුණු, සාක්ෂි සොයාගත යුතුය (නි)
මම නම් හරිම ආසයි මේ වගේ දේවල් ගැන හොයන්න (නි)
ඉන්දික, කරුණාකරලා මම කියන එක තේරුම් ගන්න. විද්‍යාව කියන්නේ කල්පිතයක්. ඒක ඔප්පුකරන්න ඕනෑ. එතකොට තමයි ඒක සිද්ධාන්තයක් වෙන්නේ (නි)
එහෙනම් හොල්මන් බූතයො ගැනත් විස්වාස කරන්න බෑරි ඇයි...ඔප්පු කරන්නම අවශ්‍ය නැහැ. මේ කියන මහා ගෑටුම් දැක්ක කෙනෙක් නැහැ. අඩුම වශයෙන් හොල්මන් වලට බයවෙච්චි කෙනෙක් හරි ඉන්නවා...ප්‍රායෝගික වෙන්නෙ අපිට සමීපම දේ නේද...(ස)
එහෙම කියන එක හරි නැහැ නිල මහත්තය විද්‍යාව කියන්නේ කල්පිත ඒවා හරි හෝ වැරදි වෙන්න පුළුවන්. පස්සේ ඔප්පු කරවී හරිද වැරදිද කියල. (ස)
කවදාහරි ඇත්ත දැනගන්න පුලුවන් වෙයි. මොකද ඉතින් එක එක දවසට එක එක මතනේ කියන්නේ.... (නි)
ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කනෙන් ඇසුවත් ඇසෙන් දුටුවත් අතින් අල්ලන තුරු විස්වාස කරන්න එපා කියල. ඒක නිසා මේවා කාට විශ්වාස කරන පුලුවන්ද? එයාල ඕනෑම දෙයක් කියනවා ඕව හරිද වැරදිද කියන කොට අපිත් මැරිලා එයාලත් මැරිලා. නීල්ගේ කතාව හරි. තාම මැලේසියාවෙන් ගිය ප්ලේන් එකට උනේ මොකද්ද කියන්න මෙයාල දන්නේ නැහැ. (ස)
දෙවියෝ ලෝකය මැව්වා නම්, ක්‍රිස්තු ධර්මයට අනුව නැවත ඉපදීමකුත් නැත්නම් පුනුරුත්පත්තිය කියන ළමයි කියන්නේ බොරුද? (නදී)
ලෝකය දෙවියන්ගේ නිර්මාණයක් කියලයි මම නම් කියන්නේ (නි)
වසර 4.5 කට කලිනුත් හඳ මේ විදියටම තිබුණානේ. මට හොඳට මතකයි (නි)
මහා ගැටුම්, කළු කුහර වගේ කතා වල ඇත්ත යම් දිනයක හෙළිවේවි (නි)
අපි නොදන්න ඇමරිකාව.... (දී)
"සනත් ඉන්දික" මට තේරුම් ගන්න අහන්නේ , "අතින් අල්ලන තුරු විශ්වාස කරන්න එපා " නම් , ක්‍රිස්තුස් වහන්සේ ඔප්පු කරන්නේ කොහොමද ? (ස)
"මහත්තයා විශ්වාස කරනවානම් විස්වාස කරන්න නැත්නම් ගෙදර යන්න", මම ඔබේ ගෙදර ඉන්නේ ඔබේ කැමැත්ත නිසාම නොවෙයිනේ (දී)
"බුදුන් මෙය වෙනත් ආකාරයකින් දේශනා කරලා තියෙනවා." අම්මප ඇත්ත නේන්නම් විජේබා දන්නා දේවල් (දී)
ඉතා වැදගත් ලිපියකි (නි)
බොහොම රසවත් විස්තර අඩංගු ප්‍රවෘත්තියක් (නි)
බුදුහාමුදුරුවො නම් දේශනාකරල තියෙන්නෙ කනින් ඇසුවත්, ඇසින් දුටුවත්, අතටම අසුවුණත්, විමසා බලා කරුණු තහවුරු කර ගැනීමෙන් පසුවත් විශ්වාස කිරීම හෝ නොකිරීම තමන් සතු බවයි. (ස)
මහත්තයා විශ්වාස කරනවානම් විස්වාස කරන්න නැත්නම් ගෙදර යන්න, (දී)
ඔබේ මොළය ගැනත් කියන්න තිබෙන්නේ එපමණයි. අල්ලනතුරු විශ්වාස කරන්න එපා තිබේයැයි කියලා. අල්ලන්න බැරි දේවල් කොපමණ තිබෙනවද? එහෙත් අපි හොඳට විශ්වාස කරනවා. (නි)
සනත්, ආගම එකක්. විද්‍යාව එකක්. පටලවාගන්න එපා. ඔයා ගෙදර විදුලිය විශ්වාස කරනවද? පුලුවන් නම් අතින් අල්ලා බලා ප්‍රතිඵලය අපිටත් කියනවද? (නි)
සුජිත් නිව්යෝර්ක් ඔය රටට අකමැතිනම් සුන්දර ලංකාවට එන්නකෝ, (ස)
ඇමරිකාවට බැන්නට ඇමරිකාවේ අයවැයෙන් ඩොලර් බිලිඅන ගණනක් අභාවකාශ කටයුතු වලට වෙන් කරනවා.මම හිතනේ මුළු ලෝකෙම ඔව්න්ට ණය ගැති විය යුතුයි .ලෝකෙට අනතුරක් වෙන්න ගියත් බේරගන්න ඉන්නේ ඇමරිකාව විතරයි (දී)
විද්‍යාව බොරු කියන්නේ කොහොමද? ලෝකය දියුණු වෙන්නේ විද්‍යාව නිසයි. (නි)
ද්‍රව්‍ය වලින් තොර රික්තකයක්, දෙවියෙක්, සිතක්, මවාගත් ඕනෑම සංකල්පයක් මේ විශ්ව තලයේම නැහැ. ද්‍රව්‍ය හැමදාම තිබුණා, තියෙනවා, අනාගතයේත් තියෙනවා. ද්‍රව්‍ය සදාකාලිකයි. වෙන්නේ එහි හැඩය- ස්භාවය වෙනස් වීම පමණි. ඉර -සඳ - තාරකා නැති වී ආපසු වෙනත් හැඩයකින් කරලියට එනවා. එනිසා අනිත්‍ය කියන එකත් සදාකාලිකයි. නමුත් "ඇත්තෙත් නැති නැත්තෙත් නැති" විශේස තත්වයක් ලෝකයේ තිබෙනවා. මෙය අවබෝධ කර ගැනීම ඉතාම අපහසු වන අතර එය අවබෝධ කර ගැනීම සඳහා තණ්හාව මුළුමනින්ම නැති කල යුතු වනවා. (දී)
දැන් අපි ගොඩක් දේවල් හොයාගෙන තිබෙනවා වගේම හොයාගෙන යනවා. සියල්ලම ස්වභාව ධර්මයට අනුව සකස්වුණ දේවල් බව දැන් මිනිසුන්ට අමුතුවෙන් කියාදෙන්න ඕනෑ නැහැ (නි)
ලෝකයේ අන්තිම කුඩාම දේ සහ අන්තිම විසාල දේ කවදාවත් හොයල ඉවර කරන්න බැහැ. මෙය අලුත් හොයා ගැනීමක් නෙවි. බුදුන් මෙය වෙනත් ආකාරයකින් දේශනා කරලා තියෙනවා. (දී)
දෙවියන් ලෝකය මැවුවා කියන කට්ටියම ජයලත් කියන දේ කරලා අපිට කියන්නකෝ. ඊට පස්සේ අපි විශ්වාස කරන්නම් (නි)
ඔය වගේ දේවල් නම් කාට කියන්න බැරිද, මොකද ඒක එහෙම නෙමේ කියල ඔප්පු කරන්නත් කාටවත් බැහැනේ. ඒත් මෙයාලට මැලේසියාවේ ඉදල චීනෙට ගිය ප්ලේන් එකට වෙව්ච දේ තාම කියාගන්න බෑ. (ස)
මට නම් වැඩක් නැහැ ඕක කොහොම ඇති උනත් ලංකාවට කුඩු ගන්වන එක නවත්වා ගන්න ක්‍රමයක් ගැන හොයා ගන්න බැරිද (දී)
ඔය අනවශ්‍ය දවල් ගැන හොයන්න එපා කියලා බුදු දහමේත් තියෙනවා (දී)
හොඳ ලිපියක් (නි)
මංගල ,මිනිසුන් ආගමෙන් බොහෝ දුරස්වයි ජීවත් වෙන්නේ. ඒ නිසයි මිනිසුන් මෙච්චර තිරිසන් වෙලා තියෙන්නේ. අන්තගාමී නොවී මිහිපිට ඇති සියළුම දේ ගැන සත්‍ය අවබෝධ කරගන්න උත්සහ කළොත් සැමවිටම අපිට සැනසීමක් තිබේවි (නි)
ජයත්, හරි වෙන්නත් පුළුවන් , වැරදි වෙන්නත් පුළුවන් නම් එතන විද්‍යාවක් නැහැ නේද? මොකද ඒ විදියට මටත් ඕනෑ දෙයක් කියන්න පුළුවන්නේ. (නි)