ඉන්දියාවේ තුන්වැනි චන්ද්‍ර මෙහෙයුම වන, චන්ද්‍රයානය - 3 සඳහා එරට රජයේ අනුමැතිය ලැබී ඇත.
ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානයේ ප්‍රධානී කේ. සිවාන් මහතා මාධ්‍ය හමුවකට අද(01) එක්වෙමින් මේ බව නිවේදනය කළේය.
2021 වසරේදී මෙම මෙහෙයුම ක්‍රියාවට නැංවේ.
නව මෙහෙයුම චන්ද්‍රයානය - 2 මෙහෙයුමට සමානව සැලසුම් කර ඇති අතර ඊට ලෑන්ඩර් යානයක් මෙන්ම රෝවර් යානයක් ද ඇතුළත් වේ.
චන්ද්‍රයානය -2 මෙහෙයුමේදී චන්ද්‍රයා මතුපිටට ගොඩබෑමට අපේක්ෂා කළ ස්ථානයටම චන්ද්‍රයානය - 3 ද ගොඩබෑමට සැලසුම් කර තිබේ.
ලෑන්ඩර් යානය සහ රෝවර් යානය සඳහා වැය වෙතැයි අපේක්ෂා කරන මුදල ඉන්දීය රුපියල් කෝටි 250 ක් පමණ වෙයි. සමස්ත මෙහෙයුමට තවත් ඉන්දීය රුපියල් කෝටි 365 ක් පමණ වැය වනු ඇත.
(රොයිටර්/ඉන්දියා ටුඩේ ඇසුරෙනි)
226


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නයි පෙනේ කරන කොට ගැරඬි කැබලිති කටු උස්සනවාලු කියලා සිංහල කියමනක් තිබෙනවා. ඒ වගේ ඇමරිකාව, රුසියාව චන්ද්‍රිකා යවනකොට ඉන්දියාව එයාගේ හැකියාව අපිට පෙනෙනවා. මොනරා පිල් විදහා ගත්තාම එයාගේ පස්ස පැත්ත පෙනෙනවා වගේ ඉන්දියාව චන්ද්‍රයානා පෙන්වන විට අපිට ඒ රටේ වැසිකිළි නැත.. මිනිස්සු දකිනවා. හැබැයි පුලුවන් නම් ලංකාවට එන කල්ලතෝනි ටික හඳට පටවන්න... අන්න එදාට අපි ඉන්දියාව අනුමත කරනවා.