ගාසා තීරයේ සටන් වලට මද විරාමයක් දෙමින් පැනවුනු දෙවන සටන් විරාමය විනාඩි 6 ක් ගතවූ තැන අහෝසි වූවේය.
ඊශ්‍රායෙලය අද (05) සිට පැය 72ක සටන් විරාමයකට එකඟත්වය පළකර ඇත.
තවත් වාර්තාවක සඳහන් වනුයේ, ඊශ්‍රායලය හමාස් සංවිධානයේ ප්‍රධාන මර්මස්ථාන හා උමං මාර්ග බොහොමයක් විනාශ කර දමන ලද නිසා තම හමුදා සටන් විරාමයෙන් අනතුරුව ආපසු කැදවීමට ඊශ්‍රායලය සූදානම් වන බවයි. දින 28ක් තිස්සේ ඇවිළීගිය සටන්වලින් මේ වනවිට පලස්තීනුවන් 1720 දෙනෙකු තම ජීවිතවලින් වන්දි ගෙවා ඇත. මොවුන්ගෙන් බහුතරය සාමාන්‍ය වැසියන් හා කුඩා දරුවන් බව කියති. හමුදා සෙබළුන් 64 දෙනෙකු හා සාමාන්‍ය වැසියන් තිදෙනෙක් ඊශ්‍රායල් පාර්ශ්වයෙන් මරණයට පත්වූහ. එසේම පලස්තීනුවන්ගේ පාසල්, පල්ලි, විශාල ගොඩනැගිලි, නිවාස, ඇතුළු අති විශාල දේපොළ හානියක් ඔවුනට සිදුවී ඇති අතර දැනට විදුලි බලය ඊජිප්තුව හරහා ලබාගනිමින් පවතින අතර, අත්‍යවශ්‍ය ආහාර බෙහෙත්වර්ග ඇතුළු බොහොමයක් දෑ ඊශ්‍රායලය ගාසා තීරයවෙත සපයනු ලබයි.
සටන් විරාමය බිඳ දැමුයේ ඊශ්‍රායෙලය යැයි හමාස් සංවිධානය චෝදනා කරන අතර ඊශ්‍රායෙලය පවසන්නේ රොකට් ප්‍රහාර එල්ල කර සටන් විරාමය මුලින්ම උල්ලංඝණය කළේ හමාස් සංවිධානය බවයි.
ගාසා තීරයට නැවත වරක් ඊශ්‍රායෙල ප්‍රහාර වැසි වසිමින් පවතී.ඒ හා සමාන ලෙසම හමාස් සංවිධානයද ඊශ්‍රායෙලයට රොකට් ප්‍රහාර එල්ල කරමින් සිටී.
මසකට ආසන්න කාලයක් දිවෙන ගැටුම් වලින් මේ වන විට හමාස් සංවිධාන සාමාජිකයින් ඇතුලූව පලස්තීන වැසියන් 1800 කට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇත.
ඊශ්‍රායෙලයටද එහි පුරවැසියන් 60 දෙනෙකුගේ ජීවිත අහිමිව තිබේ.
පසුගිය සිකුරාදා පළමු සටන් විරාමය ප්‍රකාශයට පත්කෙරුණු අතර එය බිද හෙලුයේ හමාස් සංවිධානයයි.
සටන් විරාමය අතරතුරදී ගාසා තීරයේ රාෆා යන ප්‍රදේශයට ඇතුල්වී සිටි ඊශ්‍රායෙල හමුදා භටයෙකුගේ අතුරුදන්වීමක් වාර්තා වුනු අතර ඊට සම්බන්ධ යැයි ඊශ්‍රායෙලය හමාස් සංවිධානයට චෝදනා නැගීය.
හමාස් සංවිධානය මුලින් චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
හමුදා භටයා සොයාගත නුහුණු තැන ඊශ්‍රායෙලය සටන් විරාමයට විරාමයක් තබමින් නැවත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය.
ප්‍රහාර පිට ප්‍රහාර එල්ල වීමේදී අතුරුදන්වූ ඊශ්‍රායෙල හමුදා භටයා තම සංවිධානයේ සාමාජිකයින්ට හමුවන්නට ඇතැයි හමාස් සංවිධානය ‘දෙපැත්තට වැනෙන‘ තාලයේ ප්‍රකාශයක් නිකුත් කළේය.
මේ සමගම එතෙක් කල් හමාස් සංවිධානයේ ප්‍රකාශයන්ට අනුබල දෙමින් ඊශ්‍රායෙලය ගාසා තීරයේ මිනී මරමින් සිටින්නේයැයි චෝදනා නගමින් සිටි ඇමරිකාව මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයද තම තමන්ගේ ස්ථාවරයන් වෙනස් කර ගත් බවක් පෙනේනනට තිබුණේ ඔවුන් හමාස් සංවිධානයේ කි්‍රයා කලාපය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කිරීම නිසාවෙනි.
ඊශ්‍රායෙල අගමැති ඛෙන්ජමින් නෙතන්යාහු ඇමරිකා ධවල මන්දිරය හා දුරකථන ඔස්සේ පෞද්ගලිකවම සම්බන්ධ වෙමින් මිීට පසුවවත් ඊශ්‍රායෙලය පවසන දේ ගැන අවධානය යොමු කරන්නැයි දැඩි සේ අවධාරණය කර ඇතැයිද සදහන්ය.
ගාසා තීරයට ඊශ්‍රායෙලය එල්ල කරන ප්‍රහාරයන් හා එහි යොදවා ඇති ඊශ්‍රායෙල පාබල සේනාංක වල අරමුණ වන්නේ හමාස් සංවිධානය ඉදිකර ඇතැයි පැවසෙන උමං ජාලය ඊශ්‍රායෙලයට රොකට් එල්ල කරන රොකට් අවි විනාශ කර දැමිීමය.
ආරංචි මාර්ග වලට අනුව මේ වන විට උමං ජාලයේ සැළැකිය යුතු ප්‍රමාණයක් විනාශ කර දැමිීමට ඊශ්‍රායෙලය සමත්ව තිබේ.
රොකට් අවි විනාශ කිරීමට බොහෝ විට ඊශ්‍රායෙලය භාවිතා කරන්නේ ගුවන් හා රොකට් ප්‍රහාරයන් වේ.රොකට් අවි විනාශ වීම කෙසේ වෙතත් මෙම ප්‍රහාරයන් නිසා මරුමුවට පත්වෙමින් සිටින්නේ සිවිල් වැසියන්ය.
තම නිදහසට කරුණු ලෙස ඊශ්‍රායෙලය පවසා සිටින්නේ හමාස් සංවිධානය වුවමනාවෙන්ම ඔවුන්ගේ රොකට් විදිනයන් සිවිල් වැසියන් අතරේ ස්ථාන ගත කර ඇති බවයි.
කරුණු කෙසේ වුවත් සිවිල් වැසියන්ගේ මරණයන් සාධාරණීකරණය කිරීමට ඊශ්‍රායෙලට හැකියාවක් නැතැයි මැදහත් රටවල මතයයි.
සටන් නැවැත්වීමට තමන් ඕනෑම වේලාවක සූදානම් බව කියනා ඊශ්‍රායෙලය ඒ සදහා හමාස් සංවිධානයට කරන්නට ඇත්තේ ගාසා තීරයේ උමං ජාලය හා ස්ථාන ගත කර ඇති රොකට් අවි විනාශ කර දැමිීම බව පවසයි.
මිීට විරෝධය පළ කර සිටින හමාස් සංවිධානය සටන් වලට ඇති එකම විසදුම ගාසා තීරය වටා ඊශ්‍රායෙලය හා ඊජිප්තුව පිහිටුවා ඇති ආරක්ෂක වළල්ල ඉවත් කර ගැනීම බව කියයි.
මෙසේ දෙපාර්ශවයම එකිනෙකා පරයා කොන්දේසි ඉදිරිපත් කිරීම නිසා කෙසේ හෝ අවසානයක් දකින තුරුම සටන් කිරීමට සිදුවනු ඇත්දැයි විචාරකයෝ බිය පළ කරති.




COMMENTS
ඊශ්‍රායලය කරන්නේ නියම වැඩක් ඔයවගේ ත්‍රස්තවාදීන් මුළු ලොවින්ම තුරන් කරන්න ඕනේ ඊශ්‍රායලය ඔබට නියත ජය!!!! (අ)
කෝ අර පිල්ලේ නෝනා නැද්ද??? (දී)
කොටිත් ලංකාවේ සාම සාකච්චා වෙලාවේ නීති කැඩුවා (දී)
සටන් විරාම වලින් තවත් ශක්තිමත් වෙනවා. ජයග්‍රහණය දක්වා සටන් කරන්න. (දී)
දැන් නවී නෝනා මොකද කියන්නේ කියල බලමුකෝ ? (දී)
ත්‍රස්තවාදීන්ට සාම කතා නැහැනේ (දී)
පවු අහිංසක ජීවිත! (නි)
කොටි කළා වගේම හමාස්කාරයොත් සිවිල් ජනයා මිනිස් පලිහක් ලෙස යොදා ගන්නවා. (නි)
ඊශ්‍රායලය ජාත්‍යයන්තර සම්බන්ඳතා පැවැත්වීමේදී දක්ෂ ක්‍රමවේදයක් අනුගමනය කරනවා (නි)
ඔය කියන සිවිල් ජනයා අහිංසක නම් හමාස් අය ප්‍රහාර එල්ල කරන එක පළමුව නවත්වන්න ඕනෑ. (නි)
පහර පිට පහර එල්ල වෙද්දී එහෙට මෙහෙට වැනෙන ප්‍රකාශයක් හමාස් එකෙන් කළාලු. අනේ මන්දා? කොහොම පහරදෙන්න ඇද්ද? (නි)
පලස්තීනය ඉල්ලන් කනවා කියන්නේ ඕකටයි! (නි)
මෙතන ප්‍රතිචාර දක්වලා තියෙන අයගේ සාමාන්‍ය දැනුම නම් අන්තිමයි. ඊශ්‍රායලය වසර 50ක් තිස්සේ පලස්තීනය ටිකෙන් ටික අල්ලාගෙන දැන් ඉතිරි වෙලා තියෙන්නේ ඉතාමත් පොඩි කොටසක් පමණයි. (නි)
ඊශ්‍රායලය ලෝකයේ බුද්ධිමත්ම සහ සාමයට ලැදීම රටක්. නමුත් අනුන්ටත් හොඳට උත්තර දෙනවා. ඊශ්‍රායලය ඔබට ජය ! (නි)
සම්පත් ඔබ හරි .සේරම්ට නම් මොලයක් තියන වද දන්නේ නැ. ඊශ්‍රායල කියන්නේ ලෝකෙයේම දරුණුම රට මිනී මරුවෝ ඉන්නේ. නැත්නං අර අහිසක පොඩි ළමයින්ව මරයිද. (අ)
සම්පත් ඔබ කියපු දේ 100% ඇත්ත. (ස)
මේ සියල්ල අාරම්භ උනේ පල්ස්තිනු සටන් කාමීන් විසින් ඊශ්‍රායල ජාතික ළමුන් 3 කු පැහැරගෙන ගොස් මරාදැමීමෙන් පසුවයි. මෙහිදී ඊශ්‍රායල විසින් දුන් පණිවිඩය වනුයේ නැවතත් එවැනි වැඩ කලොත් දරුණු විපාක අත් විදීමට සිදුවන බවයි. පලස්තීනුවන්ට තවමත් එය නොතේරේ නම් ලෝකයට කල හැකි කිසිවක් නැත (නදී)
.අත්‍යවශ්‍ය ආහාර බෙහෙත්වර්ග ඇතුළු බොහොමයක් දෑ ඊශ්‍රායලය ගාසා තීරයවෙත සපයනු ලබයි. (අ)