ඊශ්‍රායලය ගාසා තීරයට දිගින් දිගටම එල්ල කරන රොකට් හා ගුවන් ප්‍රහාර හේතුවෙන් ළමයින්,කාන්තාවන් සහ වයස්ගත පුද්ගලයන් විශාල පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ ප්‍රහාරවලින් පුද්ගලයන් 124ට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් 1060 ක් තුවාල ලබා ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල දැක්වේ.
මධ්‍යම ගාසා තීරයේ අවතැන්වූවන්ගේ කඳවුරක් ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවල ඉලක්කයක් වී තිබිණි. නිවාස රැසක් ද විනාශ වී ඇත. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලය හා පලස්තීනය අතර විශාල අර්බුදයක් නිර්මාණ්‍ය වෙමින් පවතින බවයි. 2012 වසරට පසු ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කළ විශාලත ම ප්‍රහාරය මෙයයි.
දින හතරක දී ඊශ්‍රායල් හමුදාව එෆ්-16 හෙලිකොප්ටර් යානා හා ඩ්‍රෝන යානා යොදා ගනිමින් පලස්තීනයේ හමාස් සටන්කාමී ඉලක්ක 800 ට පමණ ප්‍රහාර එල්ලකැර ඇතැයි පැවසේ.
හමාස් සංවිධානය වසර මුල් කාලයේ ජෙරුසෙලම සහ තෙල් අවිවු ප්‍රදේශ ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලය මේ ප්‍රහාර එල්ල කරන්නට ඇතැයි ද දේශපාලන විචාරකයන්ගේ මතය වී ඇත. 1948 දී ඊශ්‍රායල් රාජ්‍යය බිහිකැරුණු අතර එහි ලක්ෂ 17ක් පමණ පලස්තීන ජාතිකයෝ ජීවත් වූහ. මේ වැසියන් වැඩි පිරිසක් දැන් එරටින් පිටව ගාසා තීරයේ ජීවත් වෙති. ඊශ්‍රායල් රජය 1948දී නිර්මාණය වී ඇති අතර මිලියන 1.7 පමණ පලස්තීන ජාතිකයන් එහි තවමත් ජීවත් වෙයි. බොහෝ දෙනා ඉන් පිටවී ගාසා වෙත ගොස් ජීවත් වෙති.
COMMENTS
කාංචනා,ඔයාට මොනවද තේරෙන්නේ? (ස)
පිල්ලේ නෝනා මේවට මොනවද දන්නේ නැහැ කියන්නේ.....? මේවට කව්රුත් කතා කරන්නෙත් නැහැ. කතා කරලා වැඩකුත් නැහැ. බීරි අලින්ට වීනා ගායනා කරනවා වගෙයි. මොනවා කිව්වත් බලවතුන්ට එහෙයි කියන් ඉන්නවා නම්,මොනවා කරත්, මානව හිමිකම් කඩකිරීම් අදාළ වෙන්නේ නැහැ. (ස)
අවුරුදු 30 ක් පමණ ළමුන්, සහ හාමුදුරුවරුන් පවා තෝරාගෙන මරා දැමු කොටින්ට විරුද්ධව තමන්ගේම රටේ කරපු සටනේ මානව හිමිකම් සොයන මහා එවුන්ට තව රටකට පැනල මිනි මරණ මේවා පෙනෙන්නේ නැහැ. උන්ට ඕන උන්ට අවනත නායකයෝ පමණක් ඉන්න ලෝකයක් මවන්න. මේ ක්‍රමයෙන් අපේ රට බේර ගන්න ශ්‍රී ලාංකිකයෝ වශයෙන් එකට ඉන්න ඕනේ. (ස)
කාංචනා ඔයා මොනවද දන්නෙ ඊශ්‍රායලය ගැන ඊශ්‍රායලයේ මිනිස්සු මිනි මරන්නෙ නැහැ මේ හැම දේකට ම වග කියන්න ඕනේ පලස්තිනුන් ඊශ්‍රායල් රටට කිසිම කෙනෙකුට අත තියන්න බැහැ (ස)
මිනීමරුවන්ගෙන් පළවෙනියා ඊශ්‍රායලය තමයි. (ස)