ඊශ‍්‍රායෙලය සුපුරුදු පරිදි සිය ”ආරක්ෂාව” සඳහා පසුගිය සතියේ බදාදා සිට නැවතත් ගාසා තීරයට මිසයිල හා ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම ඇරඹුවේය. පළමුවෙන්ම හමාස් සංවිධානයේ සන්නද්ධ අංශයේ ප‍්‍රධානී අහ්මඞ් අල්ජබාරි ඉලක්ක කරගත් මිසයිල ප‍්‍රහාර පසුව ගාසා තීරයේ හමාස් සංවිධානයේ කාර්යාල, රජයේ ගොඩනැගිලි මෙන්ම සන්නිවේදන ආයතන පිහිටුවා ඇති මධ්‍යස්ථානය දක්වා පුළුල් කෙරිණි. මේ සතියේ සඳුදා වන විට ඊශ‍්‍රායෙල් ගුවන් ප‍්‍රහාර දහසකට වඩා මෙම කුඩා බිම් තීරයට එල්ල කර තිබුණ අතර ඉන් කුඩා ළමයින් 11 ක් ඇතුළුව සියයකට අධික සංඛ්‍යාවක් මරු මුවට පත්වූහ. හත්සියයකට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූහ. 2008 - 09 කාලයේ සිදුවූ ප‍්‍රහාරය සිහිපත් කරමින් නැවතත් ගොඩබිම් ප‍්‍රහාරයක් සඳහා ඊශ‍්‍රායෙල් හමුදා සීරුවෙන් රඳවා අතිරේක භටයින් 75000 ක්ද සේවයට කැඳවා ඇතැයි වාර්තාවේ. සිය සන්නද්ධ ප‍්‍රධානියා ඝාතනය කිරීම නිසා කෝපයට පත්ව සිටින හමාස් සංවිධානය ද ඊශ‍්‍රායෙලය ඉලක්ක කර ගත් මිසයිල දහසකට වඩා නිකුත් කළද ඉන් වැඩි ප‍්‍රමාණයක් ගුවනේදීම විනාශ කර දැමීමට ඊශ‍්‍රායෙලය සමත්වී ඇත. එක ප‍්‍රහාරයකින් ඊශ‍්‍රායෙල් වැසියන් තිදෙනෙකු පමණක් මියගිය බවද වාර්තා වේ. 2007 සිටම පිවිසුම් මාර්ග සියල්ල වසා දමා එළිමහන් සිර කඳවුරක් බවට පත්කොට ඇති ගාසා තීරයට මෙම ප‍්‍රහාරවලින් සිදුවන ජීවිත හා දේපළ හානිය විශේෂයෙන් සඳහන් කළ යුතු නැත. 2008-09 කාලයේ දියත් වූ ප‍්‍රහාරයේදී ඊශ‍්‍රායෙල් හමුදා යුද අපරාධ වශයෙන් හැඳින්විය හැකි ඝාතන සිදු කළ බව ඒ පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට පත් කළ එක්සත් ජාතීන්ගේ කමිටුවක් නිගමනය කර තිබිණ. එහෙත් වෙනත් රටවල් සම්බන්ධයෙන් මෙන් ඊශ‍්‍රායෙලය අන්තර් ජාතික අපරාධ අධිකරණයට කැඳවීමට හෝ සම්බාධක පැනවීමට ආරක්ෂක මණ්ඩලය පියවර ගත්තේ නැත. එම නිසා මෙවරද ඊශ‍්‍රායෙලයට එවැනිම ප‍්‍රහාරයක් එල්ල කිරීමට බාධාවක් වන්නේ නැත. පසුගිය සතියේ බදාදා සිට අරාබි ගුවන් ප‍්‍රහාර හා මිසයිල ප‍්‍රහාර සම්බන්ධයෙන් ආසියානු සංචාරයක යෙදී සිටින ජනාධිපති ඔබාමා ප‍්‍රකාශයක් කරමින් බෝම්බ වරුසාවක් වහින විට කිසිම රාජ්‍යයකට නිහඬව සිටිය නොහැකි යැයිද ඊශ‍්‍රායෙලය තම ආරක්ෂාව සඳහා කරන ප‍්‍රහාර තමන් අනුමත කරන්නේ යැයිද පැවසුවේය. බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හෙග්ද ඊශ‍්‍රායෙල් ගුවන් සහ මිසයිල ප‍්‍රහාර අනුමත කරමින් හමාස් සංවිධානය ඊශ‍්‍රායෙලයට එල්ල කරන මිසයිල ප‍්‍රහාර නතර කළ යුතු බව අවධාරණය කළේය. කෙසේ වුවත් 2008-09 කාලයට වඩා දැන් මැදපෙරදිග දේශපාලන සිතියමේ සමහර වෙනස්කම් සිදුව ඇති නිසා සටන් විරාමයක් ඇති කිරීම සඳහා වන අරාබි මැදිහත් වීම්ද වැඩිව ඇත. මුස්ලිම් සහෝදරත්වයේ පාලනයක් පවතින ඊජිප්තුවට ගාසා තීරයේ හමාස් පාලනයේ ආරක්ෂාවට ඉදිරිපත් වීමට දැඩි බලපෑමක් වන්නේ හමාස් සංවිධානයද මුස්ලිම් සංහෝදරත්වයට සම්බන්ධ වී සිටීම නිසාය. හමාස් සන්නද්ධ අංශයේ නායක අල් ජබාරි ඝාතනයෙන් පසුව ගාසා නගරයට ගිය ඊජිප්තු අගමැති හිෂාම් කන්ඩිල් ගාසා තීරයේ හමාස් පාලනයේ අගමැති ඉස්මයිල් හනියේ හමුව උද්ගතවී ඇති තත්ත්වය ගැන සාකච්ඡුා කළේය. පසුදින ඊශ‍්‍රායෙලය ඊට ප‍්‍රතිචාර දැක්වූයේ ගාසා තීරයේ පරිපාලන මධ්‍යස්ථානයට මිසයිල ප‍්‍රහාර එල්ලකොට එය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමෙනි. ටියුනිසියා විදේශ ඇමැතිවරයාද ගාසා තීරයට පැමිණ එහි නායකයින් සමග සාකච්ඡා කළද ඊශ‍්‍රායෙල් ප‍්‍රහාර නතර වීමක් සිදුව නැත. ඊශ‍්‍රායෙල් විදේශ ඇමැතිවරයා කයිරෝ නගරයට ගොස් සටන් විරාමයක් සඳහා හමාස් සංවිධානයට බලපෑම් කරන්නැයි ඉල්ලීම් කළ බව ද වාර්තාවේ. කෙසේ වුවත් තමන්ගේම කොන්දේසි යටතේ හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟ නොවන්නේ නම් සිය හමුදා ගාසා තීරයට ඇතුළුවීමට පසුබට නොවන බව ඊශ‍්‍රායෙල් රජය දැනටමත් ප‍්‍රකාශ කර ඇත. 2008-09 කාලයේ මෙන් නොව මෙවර ඊජිප්තුව සහ තුර්කියේ එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රටවලූත් ඉක්මනින් සටන් විරාමයක් ඇති කිරීමේ උත්සාහයක යෙදී සිටිති. උද්ගතවී ඇති තත්ත්වය බරපතළකම නිසා ඔබාමාගේ ආසියානු සංචාරයට එක්ව සිටින ක්ලින්ටන් මහත්මිය එය නතරකොට කයිරෝ නගරයට පැමිණි බවද වාර්තා වේ. හමාස් සංවිධානයද සටන් විරාමයකට එකඟ නමුත් ඒ ඔවුන්ගේ කොන්දේසි යටතේය. එනම් 2007 සිට ක‍්‍රියාත්මක වන තහනම ඉවත්කොට ගාසා තීරයට ඇති පිවිසුම් දෙරටු විවෘත කළ යුතුය යන්නයි. මෙම ගිවිසුම් දොරටු වසා දැමීම නිසා දශ ලක්ෂ එක හමාරකට අධික ජන සංඛ්‍යාවකගේ දිවි පැවැත්ම සම්පූර්ණයෙන්ම පරිහානියට පත්ව ඇත. අත්‍යවශ්‍ය ඖෂධ හෝ ලබා ගැනීමට හැකියාවක් නැත. ගාසා තීරයේ පැවැති කම්හල් සියල්ලම පාහේ වැසී ගොස් ඇති නිසා ජීවන මාර්ගයද අහිමි වී ගොසිනි. එම නිසා ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා පිිවිසුම් මාර්ග විවෘත කිරීම අත්‍යවශ්‍යය. දෙවැනි ඊශ‍්‍රායෙලය හමාස් නායකයින් ඝාතනය කිරීම නතර කළ යුතු අතර එය අන්තර්ජාතික කමිටුවක අධීක්ෂණයට යටත් විය යුතුය. සටන් විරාමයක් සඳහා ඊශ‍්‍රායෙලය ඉදිරිපත් කරන එකම කොන්දේසිය වන්නේ ඊශ‍්‍රායෙලයට එල්ල කරන මිසයිල ප‍්‍රහාර නතර කිරීම හා හමාස් සංවිධානයේ සන්නද්ධ කටයුතු සියල්ල අත්හැර දැමීමය. එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් අදහස් කරන්නේද එවැනි සටන් විරාමයකි. ඇත්තෙන්ම හමාස් මිසයිල ප‍්‍රහාරය ඊශ‍්‍රායෙලයට සැබෑ තර්ජනයක් වී ඇතැයි කිව නොහැක. මෙතෙක් එල්ලකොට ඇති ප‍්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව තුනකි. ගොඩනැගිලිවලට සිදුව ඇති හානිය ඊශ‍්‍රායෙල් මිසයිල ප‍්‍රහාරවලින් ගාසා තීරයේ සිදුව ඇති හානිය හා සසඳන විට නොසැලකිය යුතු තරම්ය. ඊශ‍්‍රායෙලය සටන් විරාමයක් ගැන කතා කළද ඔවුන් ඒ ගැන සැබෑවටම උනන්දු නොවන බව පැහැදිලි වන්නේ හමාස් සන්නද්ධ අංශයේ ප‍්‍රධානි අල්ජබාරිගේ ඝාතනයෙනි. හමාස් අත්අඩංගුවවේ සිටි ඊශ‍්‍රායෙල් හමුදා භටයෙකු වන ගිලාඞ් ෂලිට් නිදහස් කර ගැනීමට මැදිහත්වූ ඊශ‍්‍රායෙල් සාම ක‍්‍රියාකාරිකයෙකු වන ගර්ෂු බස්කින් සඳහන් කරන ආකාරයට දෙපාර්ශ්වය අතර ස්ථාවර සටන් විරාමයක් ඇති කර ගැනීමට නිල නොවන මට්ටමේ සාකච්ඡා පවත්වා ඇත. අල් ජබාරි ඝාතනය කර ඇත්තේ එවැනි සටන් විරාමයක් පිළිබඳ කෙටුම්පත් භාර දීමෙන් මඳකට පසුවය. පසුගිය වසර තුනක පමණ කාලය තුළ හමාස් සංවිධානය හා ඊශ‍්‍රායෙල් හමුදා අතර පැවැති නිල නොවන එකඟතා නිසා ගාසා තීරයෙන් ඉල්ල කරන මිසයිල ප‍්‍රහාර සම්පූර්ණයෙන්ම පාහේ නැවතී තිබිණි. 2008-09 කාලයේදී ඊශ‍්‍රායෙලය ගාසා තීරය ආක‍්‍රමණය කළේ එක්සත් ජනපදයේ ජනාධිපති වරණයෙන් පසුව හා ඊශ‍්‍රායෙලයේ මහා මැතිවරණය ආසන්නව තිබියදීය. මෙවරද එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය අවසන්ව ඇති අතර ඊශ‍්‍රායෙලය ද මහ මැතිරණයකට සූදානම් වෙමින් සිටී. අගමැති බෙන්ජමින් නෙතන්යාහුට නැවත වරක් බලය දිනා ගැනීමට නම් මෙවැනි යුද්ධයක් අවශ්‍යය. ඉන් රට තුළ උග‍්‍රවෙමින් පවතින ආර්ථික අර්බුදය අමතක කිරීමෙන් ආරක්ෂාව ඉස්මතුකොට ජයග‍්‍රහණය කිරීම පහසුය. ඊට අමතරව මෙම ප‍්‍රහාරය ඉරාන ආක‍්‍රමණයට පෙරහුරුවක් කර ගැනීමට ද අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව ඊශ‍්‍රායෙල් ජනතාව තුළ ඇති අකමැත්ත ජය ගැනීමට නම් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ප‍්‍රමාණවත් විධි විධාන පවතින බව ඔප්පු කළ යුතුය. ගාසා තීරයෙන් එල්ල කළ මිසයිල ප‍්‍රහාර සියල්ලම පාහේ එක්සත් ජනපදයෙන් ලබා දුන් ඩොලර් දශ ලක්ෂ 200 ක ප‍්‍රදානයක් යටතේ නිෂ්පාදනය කළ යකඩ වැස්ම (Iron Dome) ආරක්ෂක වැඩ පිළිවෙළට හැකි විය. එම නිසා ඉරානයෙන් එල්ල විය හැකි මිසයිල ප‍්‍රහාර ගැන ඊශ‍්‍රායෙල් වැසියන් බිය නොවිය යුතු බව හැඟවීමට ද මෙය අවස්ථාවකි. කෙසේ වුවත් පසුගිය සතියේ සිට ක‍්‍රියාත්මක වන ඊශ‍්‍රායෙල් ප‍්‍රහාරවලින් කරුණු දෙකක් තහවුරු වන බව පෙනේ. ඉන් වැදගත්ම කාරණය වන්නේ ඊශ‍්‍රායෙලය කිසිවිටෙක නිශ්චිත දේශ සීමා සහිත පලස්තීන රාජ්‍යයක් බිහිවීම අනුමත නොකිරීමය. ඔස්ලෝ සාම ගිවිසුම අනුව එකිනෙක හා භූමියේ සම්බන්ධතාවක් නැති ගාසා තීරය හා බටහිර ඉවුර පලස්තීන අධිකාරියක පාලනයට යටත් කිරීමට එකඟ වුවද එය යථාර්ථයක් වීමට ඊශ‍්‍රායෙලය ඉඩ දුන්නේ නැත. ඔස්ලෝ සාම ගිවිසුම අනුව පලස්තීන අධිකාරියට පැවරෙන ප‍්‍රදේශවල යුදෙව් ජනාවාස පිහිටුවීම නොකළ යුතු වුවද ඊශ‍්‍රායෙලය කිසි විටෙක ඊට ගරු කළේ නැත. නෙතන්යාහු රජය එහි පාර්ලිමේන්තුවේ විරෝධය නොතකා බටහිර ඉවුරේ නිවාස 850 ක් ඉදි කිරීමට සැලසුම් කරයි. තවත් වාර්තාවක සඳහන් වන ආකාරයට පසුගිය වසර 12 ක කාලය ඇතුළත බටහිර ඉවුරේ පදිංචි වූ යුදෙව්වන්ගේ සංඛ්‍යාව 350,000 කි. ඉන් පැහැදිලි වන්නේ බටහිර ඉවුර සම්පූර්ණයෙන්ම යුදෙව් ජනාවාසයක් බවට පත් කිරීම ඊශ‍්‍රායෙලයේ අවශ්‍යතාව බවයි. පලස්තීන අධිකාරියේ සභාපති මොහොමඞ් අබ්බාස් පලස්තීන අධිකාරියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට තැත් කරන්නේ ඊට පිළිතුරක් වශයෙන් එහෙත් එම උත්සාහය සාර්ථක වන්නේද යන්න සැක සහිතය. අනෙක් කාරණය වන්නේ ජාත්‍යන්තර ප‍්‍රජාව ගාසා තීරයේ සිදු වෙමින් පවතින මානව ඛේදවාචකය ගැන දක්වන ප‍්‍රතිචාරයයි. ගාසා තීරයට සැතපුම් සියයක් පමණක් ඔබ්බෙන් පිහිටි සිරියාවේ අල් අසාඞ්ගේ රජය එහි කැරලිකරුවන් හා සටන් කිරීමේදී සිවිල් ජනතාව මරණයට පත්වීම ගැන මහත් අනුකම්පාවෙන් කතා කරන බටහිර රටවල් ඒ සඳහා මානුෂික මෙහෙයුමක් දියත් කළ යුතු බව අවධාරණය කරති. ඊට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට හරස්වීම නිසා රුසියාවට හා චීනයට චෝදනා කරති. එහෙත් ලොව විශාලතම එළිමහන් සිර කඳවුර බවට පත්ව ඇති ගාසා තීරයට මානුෂික ආධාර ලබා දීමක් හෝ එහි වැසියන්ට ආරක්ෂිත කලාපයක් වෙන් කිරීම ගැන ඔවුන් කතා කරන්නේ නැත. ඔවුන්ගේ අවශ්‍යතාව වන්නේ සටන් විරාමයකි. අහිංසක ජීවිත රැක ගැනීමටත් දේපළ විනාශය නැවැත්වීමටත් සටන් විරාමයක් අවශ්‍ය වුවද සාධාරණය හා යුක්තිය ඉටුවන තෙක් සාමය ඇති කළ නොහැකි බව ඉතිහාසයෙන් නැවත නැවතත් තහවුරු කරන සත්‍යයයි.
සටහන: මහින්ද හත්තක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නේ නැහැ
රිෂාඩ්, ඔයාට පිස්සුද? (නි)
සදාකල්හිම ඊශ්‍රායලයට ජය වේවා! (නි)
ඊශ්‍රායලයට යහපතක්ම වේවා! (නි)
කොච්චර එකක්ද
මධූට ඊශ්‍රායෙල් කෙනෙක්ගෙන් මොනවාහරි වාසියක් ලැබිලා තියෙනවා වගෙයි. හොදයි. හොදයි. එහෙනම් අපිත් සතුටුයි. (නි)
මුතුකුඩ, මම ඔයා වගේ වාසියට වැඩකරන්නේ නැහැ. (නි)
අකාරුනික ඉස්‍රායලය (ස)
මිනිස්සු මරාගන්නේ නැත්නම් එච්චරයි (දී)
යුදෙවුවන්ට වෙන්න යන දේ ගැන මුස්ලිම් වැසියන්ට මෙන්ම යුදෙවුවන්ටද හොදින් දැනෙන බවයි මට නම් හැගෙන්නේ. (නි)
නැහැ ... කොහොමටවත් නැහැ (දී)
සටන් විරාම කියන්නේ කොලයකට සීමාවූ දෙයක් (දී)
මම නම් හිතන්නේ වැඩක් වෙන එකක් නැහැ (දී)
ඊශ්‍රායලය ජය ගන්නවාමයි. (නි)
පහන් සහෝදරයා ඔබගේ උතුම් ප්‍රාර්ථනය ඒ ලෙසම ඉටුවේවා! (නි)
සදාකල් ඊශ්‍රායලය දෙවියන් විසින් රකිනු ඇත. (ස)
යුදෙව් ජාතිය තව තවත් බිහි නොවේවා (ස)
ඊශ්‍රායලයට ජයෙන් ජයම වේවා! (නි)
ලෝකේ ඉන්න බුද්ධිමත් ජාතිය යුදෙව් ජාතියයි. ඔවුන්ට ජය වේවා (ස)
හමාස් සංවිධානය ලංකාවේ කොටි ත්‍රස්තවාදීන් වගේම සංවිධානයක් (ස)
සටන් විරාමයක් හරි කමක් නැහැ
කෙසේ හෝ ස්ථිර සාමයක් උදාවේවා .නැවත මේ ප්‍රශ්නය ගැන ලිවීමට නොලැබේවා .(දී)
නුවන් ඔයා කියන්නේ අනිත් රටවල්වල අය මෝඩයි කියලද ? (ස)
ඊස්‍රායලය හොඳ මනුස්සකම් තියෙන රටක් .. ඒ නිසා මගේ සහය ඊස්‍රායලයට (ස)
කෙසේ නමුත් ඊශ්‍රායලය හා ඇමරිකාව නැත්තම් මුස්ලිම් සංවිධාන මේ ලෝකයටම පාලනය අතට අරගෙන. හමාස් සංවිධානයේ ඉලක්ක මුස්ලිම් ජනපද වලටත් හානිකර තිබුණා. ඔවුන්ව ආරක්ෂා කළෙත් ඒ යකඩ වැස්ම සිස්ටම් එක තමා. (නි)
ඇත්තටම ඉවර වේවිද (ස)
අපිට මොකද
ඊශ්‍රායලයට යහපතක් නොවේවා (ස)