ගැබිණි මව්වරු රටකජු ඇතුළු ඇට වර්ග ආහාරයට එක්කැර ගැනීමෙන් ආසාත්මිකතා ඇතිවීම අඩුකැර ගත හැකියැයි නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත.
රටකජු ආසාත්මික පුද්ගලන රට කඩු කෑමෙන් හා ඒවා ස්පර්හයෙන් හුස්ම ගැනීමේ අපහසුතාවලින් පෙලෙන අතර එය ඇතැම්විට ජීවිත අවධානමකට පවා හේතුවක් වේ.
ගැබිණි මව්වරුන්ට මෙතෙක් දී තිබූ උපදේශය වූයේ රටකජු කෑමෙන් වැළකී සිටීම වඩාත් සුදුසු බවයි. ඇදුම රෝගය ඇති පවුල්වලට මේ තත්ත්වය විශේෂ විය.
පර්යේෂකයන් විසින් ළමුන් 8205ක දත්ත විශ්ලේෂණය කැර ඇත. ඒ අනුව 308 දෙනකු ම ආහාර ආසාත්මික තාව ලින් පෙළෙන්නන් වූ අතර 140ක් රටකජු වලට ආසාත්මිකතාවක් දක්වා ඇත. රනිල කුලයේ ඇට වර්ග, කජු හෝ පිස්ටචිවෝස් වැනි ඇට වර්ග වලට වැඩි නැඹුරුතාවක් ඇති බව ද හෙළි වී තිබේ. නමුත් ගර්භනී සමයේ දී සතියකට පස් වරක් රටකජු ආහාරයට ගත් මව්වරුන්ගේ දරැවන් අසාත්මිකතාවෙන් වැළකී ඇතැයි ද මේ පර්යේෂණයෙන් හෙළිවි ඇත.
මේ අධ්‍යයනය සිදුකළ බොස්ටන්හි ළමා පිළිකා මධ්‍යස්ථානයේ වෛද්‍ය ලින්ඩ්සේ ප්ලේෂියර් පවසන්නේ තම අද්‍යයනය මගින් ගර්භනී සමයේ දී ඇට වර්ග අනුභවයෙන් ළමයින් ආසාත්මිකතාවට පත්වීම වැළැක්වීමට හැකි වූ බවයි.
ඇමෙරිකාවේ චිකාගෝ හි නෝර්ත් වෙස්ටිටර්න් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පෙන්බර්ග් විද්‍යාලයේ ආචාර්ය රුචි ගුප්තා පවසන්නේ ගර්භනී සමයේ දී මවකගේ ආහාර වේලට සීමා පැමිණවීම නොකළ යුතු දෙයක් බවයි.
ඇට වර්ග කෑමෙන් ආසාත්මිකතා ඇතිවන කාන්තාවන් පමණක් ගර්භනී කාලයේදීත් ඇට වර්ග ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු බවත් අන් අය ඇට වර්ග කෑමෙන් වැළකීමේ අවශ්‍යතාවක් නොමැති බවත් මේ පර්යේෂකයෝ පෙන්වා දෙති.
.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගැබිණි සමයේ රටකජු කෑම දරුවන්ට ගුණයි
කලනි Saturday, 28 December 2013 09:29 PM
මේවා බටහිර රටවල් වල තියන ප්‍රශ්න. අපේ රටවල් වල රටකජු අසාත්මික අය විරලයි. (අ)