ගෘහස්ථ හිංසනය වරදක් ලෙස නීතිගත කිරීමේ තැතක් ඇෆ්ගනිස්ථානය දරමින් සිටින්නේයැයි වාර්තා වේ.
පසුගියදා ඇෆ්ගනිස්ථාන පාර්ලිමෙන්තුවේ සම්මත කළ නව නීතියකට අනුව පිරිමි පාර්ශවය කාන්තාවන්ට හා කුඩා ළමයින්ට සිදුකරනා පහරදීම් හා අඩත්තේට්ටම් කිරීම් වලට වැරදිකරුවන් බවට පත්කර නීතිය හමුවට පැමිණවිය නොහැකිය.
රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට නම් ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයාගේ අනුමැතියද අවශ්‍ය වන අතර එය ලබාගැනීම සදහා වත්මන් ජනපති හමිීඩ කර්සායි වෙත අදාළ ලියකියවිලි යොමු කොට ඇතැයිද සදහන්ය.
ඇමරිකාව ඇෆ්ගනිස්ථානය තලේබාන් ග්‍රහණයෙන් මුදාගත් පසු ඇෆ්ගන් කාන්තාවන්ට නිදහසේ ජීවත් වීමට වාතාවරණයක් සැකසුණ මුත් ඔවුනට එල්ල වන පීඩනයන්ගේ අඩුවක් තවමත් දැකගත නොහැකි බව ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනා විවිධ ආයතනයන් පවසයි.
ඇෆ්ගනිස්ථානය ඇමරිකාව පසමිතුරු කරගෙන සිටින සෙයක්ද පෙනේ.පසුගියදා ජනපති හමිීඩ් කර්සායි සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඇමරිකාව ඇෆ්ගනිස්ථානයෙන් ගත යුතු දේ ලබාගෙන අත්හැර දමා ඇතැයි චෝදනා කළේය.ඔහු තලේබාන් සටන්කාමිීන් සහෝදරයන් ලෙසද හැදින්වුවේය.
ඇෆ්ගනිස්ථානයේ අනාගතය කෙසේ තීරණය වනු ඇත්දැයි ලොවම බලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවිද ආයතන කිව්වේ ? (නදී)
නීති දාලා හරි කමක් නැහැ ගෝරි නැති වෙනවානම් (දී)