IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ගඩාෆිගේ දරුවෝ ලිබියාව අස්ථාවර කරන්න හදනවා

ලිබියා කැරැල්ල උත්සන්න වෙද්දී රටින් පලා ගිය ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතුන් සහ දියණිය ලිබියාවේ නව රජය අස්ථාවර කිරීමට උත්සාහ ගන්නා බවට කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන අන්තර්වාර පාලක මණ්ඩලයේ නායක මුස්තාෆා අබ්දෙල් ජලීල් චෝදනා කරයි. කැරැුලිකාර පාර්ශ්වය ඉකුත් අගෝස්තු මාසයේදී නේටෝ ගුවන් හමුදාවේ ද සහාය ඇතිව ලිබියාවේ ටි‍්‍රපොලි නුවර අල්ලා ගත් අවස්ථාවේදී ගඩාෆිගේ දියණිය අයීෂා, බිරිය සාෆියා සහ පුතුන් දෙදෙනකු වන මොහොමඞ් සහ හැනිබල් අසල්වැසි නයිගර් රටට පලා ගියෝය. මේ වනවිට ඔවුහු නයිගර් රාජ්‍යයේ රැුකවරණය යටතේ පසුවෙති. ගඩාෆි දියණිය පසුගිය දා ඇගේ නීතීඥවරයා මගින් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයෙන් ඉල්ලා සිටියේ ගඩාෆිගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසටය. ”ලිබියාවේ ඉදිරි වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්න හෝ බාධා වෙන්න ගඩාෆි පුතුන්ට හෝ දියණියට හැකියාවක් නැහැ. ඒත් තවමත් ඔවුන් නොයෙක් නොයෙක් ආකාරයට උත්සාහ ගන්නවා රට අස්ථාවර කරන්න. අප ඊට ඉඩ දෙන්නේ නැහැ” යැයි අබ්දෙල් ජලීල් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය. කෙසේ නමුත් ගඩාෆි දූ දරුවන් ලිබියාවේ නව රජය අස්ථාවර කරන්නේ කෙසේදැයි යන්න අබ්දෙල් ජලීල් හෙළි නොකළ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ගඩාෆිගේ වැඩිමල් පුතු සෙයිෆ් අල් ඉස්ලාම් මේ වනවිට ලිබියා කැරැුලිකාර පාර්ශ්වයේ අත්අඩංගුවට පත් ව සිටී. ඔහුට එරෙහිව තවමත් නීති මගින් කටයුතු කිරීමට ලිබියාවේ නව පාලකයෝ තවමත් කටයුතු කර නැත. සෙයිෆ් අල් ඉස්ලාම්ට එරෙහිව තමන් ද නඩු විභාගයක් පවත්වන බව ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය ද පවසා තිබේ.



අදහස් (0)

ගඩාෆිගේ දරුවෝ ලිබියාව අස්ථාවර කරන්න හදනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 337 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 426 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site