IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ගොඩබිම කිට්ටුවෙන් පදවන්නැයි අණ දුන්නේ නැව අයිති සමාගමයි

ඉතාලියේ ජිග්ලියෝ දූපත අසලදී අනතුරට පත්වූ ‘කොස්ටා කොන්කෝඩියා’ නැව ගොඩබිමට සමීපව යාත‍්‍රා කරන්නැයි තමාට උපදෙස් දුන්නේ නැව අයිති කොස්ටා කෲස් නැව් සමාගමේ කළමණාකාර මණ්ඩලය යැයි නැවේ කපිතාන්වරයා චෝදනා කරයි. කපිතාන් ෆ‍්‍රැන්සෙස්නෝ ෂෙටිනෝ එල්ල කරන එම චෝදනා තමන් තරයේ ප‍්‍රතික්ෂේප කරන බව නැව් සමාගම පවසයි. කපිතාන් ෆ‍්‍රැන්සෙස්නෝ පවසා ඇත්තේ ෆැබ්රීසියෝ නමැති කළමණාකාර මණ්ඩල නිලධාරියා නැව ජිග්ලියෝ දූපත අසලින් යාත‍්‍රා කරවන්නැයි තමන්ට දැනුම් දුන් බවත් තමා ඒ අණ පිළිපැදීමට කටයුතු කළ බවත්ය. නැව අනතුරට පත් කිරීමත් අනතුර සිදුවූ පසු ජීවිත අනතුරේ දමා නැව අතහැර පලා යෑමත් හේතුවෙන් කපිතාන්වරයාට එරෙහි අනියම් මිනීමැරුම් චෝදනා ද එල්ල වී ඇත. මේ වනවිට කොස්ටා කොන්කෝඩියා නැවේ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සහ නඩු විභාග ආරම්භ කර තිබේ. කොස්ටා කෲස් නැව් සමාගම පවසන්නේ සිදුකරන පරීක්ෂණවලදී සහාය ලබා දෙන බවය. කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සහ මගීන් 4,200 දෙනකු රැගත් ‘කොස්ටා කොන්කෝඩියා’ නැව ජිග්ලියෝ දූපත අසලදී අනතුරට පත්වූයේ පසුගිය 13 වැනිදා රාති‍්‍රයේය. ඒ,  නැව ගල් පරයක හැපී පෙරැළී යෑමෙනි. අනතුරින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 16 දෙනකු තවමත් අතුරුදන්ය.



අදහස් (0)

ගොඩබිම කිට්ටුවෙන් පදවන්නැයි අණ දුන්නේ නැව අයිති සමාගමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 144 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 991 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site