ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්ත රජයේ අමාත්‍යවරයකුට ගජරාට් ප‍්‍රාන්ත අධිකරණය විසින් වසර තුනක සිර දඬුවමක් නියම කර ඇතැයි එන්.ඞී.ටී.වී. පුවත් සේවය පවසයි.
මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ බාබු බොක්හාරියා නමැති ගුජරාට් ප‍්‍රාන්ත අමාත්‍යවරයාට එරෙහිවය.
නීති විරෝධී ලෙස ආකර (පතල්* කර්මාන්තයේ නියැලීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
මොහුට එරෙහිව පැවැති නඩු විභාගයට වරදකරු බව තහවුරු වීමත් සමඟ මෙම දඬුවම නියම වී තිබේ.
ගුජරාට් ප‍්‍රාන්ත ප‍්‍රධාන අමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වන ඔහුට මෙලෙස සිරදඬුවම් නියම වීමෙන් ගුජරාට් ප‍්‍රාන්ත මහ ඇමැතිවරයා දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ද එම වාර්තා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ නීතිපති වරයෙක් නැද්ද? (අ)