IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කළු පෙට්ටිය සැත්කමටත් එයි

ශල්‍යකර්ම සිදුකරද්දී සියළුම තොරතුරු ඇතුලත් කළු පෙට්ටියක් නිර්මාණය කිරීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව සිටිති. සැත්කම සිදුකරද්දී වීඩියෝ කැමරාවක් මාර්ගයෙන් දර්ශන පටිගත කර පරිඝනක උපාංගයක් මගින් ඒවා සියල්ල විශ්ලේෂණය කරයි. ශල්‍ය වෛද්‍යවරයා විසින් සිදුකරන වැරදී ඒ මාර්ගයෙන් සොයාගත හැකිවන අතර එමගින් ක්ෂණික ප්‍රතිචාර වෛද්‍යවරයාට ලබාදීමට ද හැකියාව ඇති බව පැවසේ.

මෙය ශල්‍යකර්මයන්හි කළු පෙට්ටියක සිහිනයක් මල්ඵල ගැනීමකි. එමගින් පශ්චාත් ශල්‍යකර්ම ගැටළුද බොහෝසේ අඩු කර ගත හැකිවේ. එමෙන්ම ශල්‍ය වෛද්‍යවරුනට සැත්කම ගැන විමසා බැලිය හැකි අතර ඉදිරි සැත්කම් සඳහා පෙර සුදානමක් ලබා ගැනීමට ද මෙමගින් හැකියාවක් ඇතැයි පර්යේෂකයන්ගේ මතයයි.

මෙය නිෂ්පාදනය ආරම්භකැර ඇත්තේ කැනඩාවේ පර්යේෂකයන් පිරිසකි. එය ගුවන් යානයක කළු පෙට්ටිය හා සමාන බවත් ගුවන් යානයේ සියළු ම විස්තර හා තොරතුරු දැනුම් දෙන ආකාරයෙන් ම ශල්‍ය කර්මයේ සියළු තොරතුරු මෙහි අඩංගු වේ.

උපකරණය නිපදවන කන්ඩායමේ ප්‍රධානී ටොරන්ටෝහි ශාන්ත මයිකල් රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය ටියඩෝර් ග්‍රැන්චරෝ පවසන්නේ මේ කළු පෙට්ටිය භාවිතයට ගැනීමෙන් අනාගත ශල්‍යකර්මවල අතපසුවීම් වළක්වාගත හැකිවන බවයි.

රෝහල් රැසක් දැනටත් මේ උපකරණය ඇණවුම් කැර ඇතැයි ද පැවසේ. එසේ වුව ද වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් මේ උපකරණයෙන් නීතිමය ගැටළු මතුවිය හැකියැයි සිය විරෝධය පළකැර ඇත. ඔවුන්ගේ මතය වී ඇත්තේ මේ උපාංගය සවිකිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට වඩා සැත්කම පිළිබඳ අනවශ්‍ය තොරතුරු අනාවරණය වීම ගැටළුවක් විය හැකි බවයි. එසේ වුව ද මෙය අධ්‍යාපනික මෙවලමක් ලෙස යොදා ගැනීමේ හැකියාව ඇතැයි ද ඔවුහු කියති.



අදහස් (0)

කළු පෙට්ටිය සැත්කමටත් එයි

jayath Wednesday, 27 August 2014 12:53 PM

වෛද්‍ය අතපසුවීම් අවම කරගන්න ( බම්බලපිටියේ දොස්තරගේ ජාතියේ ඒවා නෙමි ! ) මේ ක හොඳ පිටුවහලක් වේවි ! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site