වයස අවුරුදු 82 ක් වූ කාන්තාවකගෙන් වයස අවුරුදු 40 ක ළදරු කළලයක් ඉවත්කරගෙන ඇති පුවතක් කොළොම්බියාවෙන් වාර්තා වේ.
යටිබඩෙහි හටගත් වේදනාවක් නිසාවෙන් රෝහල් ගතවී ඇති මේ කාන්තාව පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට ඇයගේ උදරයේ තිබූ මෙම ළදරු කළලය සොයාගැනීමට හැකිව ඇත.කළලය බොහෝ කාලයකට පෙර මිය ගොස් තිබූවක් වූ අතර එය ආසන්න වශයෙන් අවුරුදු 40 ක් පමණ මෙම කාන්තාවගේ උදරයේ රැදී තිබී ඇතැයි සොයාගෙන තිබේ.
කළලයක් ගර්භාෂයට පිටතින් ඇතිවීමේ ඉතා විරල සංසිද්ධියකට මෙම කාන්තාව මුහුණදී ඇතැයි වෛද්‍යවරුන් කියයි.මෙවන් අවස්ථාවකදී කළලය මිය යන බවත් පසුව මව්ගේ සිරුරෙන් ලැබෙන කැල්සියම් තැන්පත්වීම නිසා එය ‘‘මමිකරණය‘‘ වන බවත් ඔවුන් පවසයි.
මෙම කාන්තාවගේ කුසයෙන් පිටතට ගත් කළලයද තිබූයේ කැල්සියම් තට්ටුවකින් වැසී ගලක් මෙන් ඝණවය.ඇයට උදරයේ වේදනාවක් දැනී ඇත්තේ මෙනිසායැයි වෛද්‍යවරුන් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම දේවල් නේද දැන් අහන්ඩ දකින්ඩ ලැබෙන්නේ.(නදී)
අප විසින් ශ්‍රී ලංකා සමාජය තුල ප්‍රර්ථනා කරන යහපත් සමාජයත් ප්‍රසුත නොවී ගැබ තුළ ම මියගොස් පාශානි භුත වූ කලලයක් වේවිද? (නදී)
පුදුම දේවල් තමා සිදුවන්නේ.(නදී)
අපේ සීවලී මහ රහතන් වහන්සේ අවුරුදු හතක් මව්කුස තුල , මෙලොවට බිහි නොවී හිටියා. (සත්‍ය වූ බුදුදහම) (නදී)
හිතා ගන්නවත් බැහැ.(නදී)
සත්‍යා සියයට සීයක් හරි. දැනටමත් පාෂාණිභූත වෙලා තියෙන්නේ. (නදී)
අහෝ සත්‍යා !ඔබට අප අනුකම්පා කරන්නෙමු(දිල්)
අනේ මෙම අම්මාට දීර්ඝ කාලයක් ජීවත් වීමට වාසනාව ලැබේව . (අ)