කසකස්ථානයේ නව ජනපතිවරයා ලෙස කස්සිම් ජොමාර්ට් ටොකයෙව් මහතා වැඩ බාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


 දශක තුනක කාලයක් කසකස්ථානයේ ජනපතිවරයා වශයෙන් සේවය කළ පළපුරුදු නායක නුර්සල්ටාන් නසර්බයෙව් මහතාගේ හදිසි ඉල්ලා අස්වීමෙන් පසු ටොකයෙව් මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්වී ඇත.


 රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන 65 හැවිරිදි ටොකයෙව් මහතා රුසියානු, චීන හා ඉංග්‍රීසි භාෂාවල ප්‍රවීණයෙකු බව සඳහන් වේ.


 ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාගේ ධූර කාලය 2020 ජනවාරි මාසයෙන් අවසන් වේ.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)