IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කශොග්ජිගේ ඝාතනයට සෞදි ඔටුන්න හිමි කුමරු සම්බන්ධ නෑ

රියාද්හිදීය (රොයිටර්)

මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන්ගේ සම්බන්ධයක් නැතැයි එරට නීතිපතිවරයා අද (15) ප්‍රකාශ කළේය. 

ජමාල් කශොග්ජි ඝාතනයට එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු සම්බන්ධ යැයි ද නීතිපතිවරයා සඳහන් කර ඇත. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ  තීරුලිපි රචකයකු වූ ජමාල් කශොග්ජි තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ඝාතනයට ලක් කෙරුණු අතර ඊට සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් සම්බන්ධ යැයි චෝදනා එල්ල විය. මාධ්‍යවේදී කශොග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සෞදි අරාබියේ නීතිපතිවරයා තුර්කියට පැමිණි අතර හෙතෙම පසුගිය කාලයේදී තුර්කි බලධාරීන් හා එක්වෙමින් පරීක්ෂණ පැවැත්වීය. 

සෞදි අරාබියේ බුද්ධි අංශයේ නියෝජ්‍ය ප්‍රධානියා වන ජෙනරල් අහ්මෙද් අල් ඇසිරි ජමාල් කශොග්ජි ඝාතනයට අණ දී ඇතැයි වාර්තා සඳහන් කරයි. 



අදහස් (0)

කශොග්ජිගේ ඝාතනයට සෞදි ඔටුන්න හිමි කුමරු සම්බන්ධ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 760 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site